"ඔයා දන්නවද බබා දෙයක්"ගෝල්ෆේස් එකෙ බැම්මක ඉදන් කලුවරට පේන්නෙ නැති නිමක් නැති මුහුදෙ අවසානෙ දියා බලන් මගෙ සීතල වෙලා තියෙන අතක් ඒ උණුසුම් අතකට තද කරන් අපි දෙන්නා අතර තිබ්බ නිශ්ෂබ්දතාවය යුගේෂ් අයියා බිදලා දැන්මෙ ප්‍රශ්නයක් අහන ගමන් .
"ම්ම්ම්ම් මොනාද"
මගෙ දියාවට ඇරුනු යුගේෂ් අයියගෙ දිලිසෙන අලුපාට ඇස් දියාම බලන් මන් බෙල්ලත් ඇල කරලා අහද්දි මේකා මට විතරක් දෙන ඒ ලස්සන හිනාවෙන් හිනාවුනෙ මටත් පිස්සු හද්දලා .
මනුස්සයෙක්ට පුලුවන් අපිව ආදරෙන් පිස්සු වට්ටන්න . එක බැල්මකින් . එක හිනාවකින් . එක ආදරණීය වචනෙකින් . උණුහුමකින් ආදරණීය මනුස්සයෙක්ට පුලුවන් අපිව පිස්සු වට්ටන්න . පන පිටින් අපිව අවුලුවන්න .
ආදරේ මන් තනියෙන් කරා මිසක් විදලා තිබ්බෙ නෑ . ඒත් මන් කියනවා මන් ආදරේ තනියෙන් කරාට වඩා මන් පන වගෙ ආදරේ මේ පිස්සු හද්දන්න මනුස්සයගෙන් ආදරේ විදිද්දි මාරම ලස්සනයි දෙයියනෙ . මාව ජිවත් වෙනවා වගෙ මට දැනෙනවා .
මන් මේ ලෝකෙ දැක්ක ලස්සන ඇස දෙක තිබ්බෙ එයාට . මන් මේ ලෝකෙ දැක්කම ආදරණීයම බැල්ම තිබ්බෙ එයාට . මන් මේ ලෝකෙ අහපු ලස්සනම ආදරණීය වචන තිබ්බෙ එයා ලග . ඉතින් මන් කියනවා යුගේෂ් කියන්නෙ මේ අදීශ්ව ජීවත් කරන්න දෙවියො මේ ලෝකෙට එවපු ලස්සනම දේවදූතයෙක් . නපුරු දේවදූතයෙක් හැබැයි .
"දන්නවද බබා ඔයා මන් ලග ඉද්දි මට දැනෙනවා මාව ජීවත් වෙනවා වගෙ .. මගෙ හිතෙ ප්‍රශ්න මගෙන් ඈතට යනවා වගෙ .. ඔයා ලග ඉන්න මේ වෙලාවේ මන් හරි නිදහස් මනුස්සයෙක් මගෙ ලැවැන්ඩර් මල"
මගෙ අල්ලට තොල් තදකරා ඉවර වුනාට පස්සෙ මේ මනුස්සයා කියපු වචන තනිකරම මාව දියකරලා දැන්මා වගෙ . ඇගම සීතල වෙලා ගියා . ඒ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ ඇස් වල .
දෙයියනෙ මේ මනුස්සයා ඉදලා ඉදලා කියන වචන මේ අදීශ්ව ගොලුවෙක් කරනවා .
"ඔහොම ඇස් ලොකු කරන් ආදරෙන් බලන් ඉන්න එපා අදීශ් මට හපන්න හිතෙනවා "
මොකුත් නොකියා ඇසුත් ලොකු කරන් හිතෙ පිරෙන ආදරෙර් ඇස් වලින් පෙනෙද්දි ආයෙ මගෙ අල්ලට තොල් තදකරලා යුගේෂ් අයියා කියද්දි මන් චොක් ගහලා ඒ කම්මුලක් සිපගත්තෙ මන් ගොලුබීරෙක් වෙලා නිසා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...