🍑 Peach 33 🍑

363 43 4
                                    

වින්ට ජැකට් එකකුත් ඇදගෙන ඒකෙ පොකට් දෙකට අත් ඔබාගෙන මන් ඉදියෙ කාලා කරලා නාගෙන මන්ශන්ට් එකෙ වීදුරු වලින් වටවෙලා තියෙන ලොකු ටිවි එකක් දිග සෝෆා තුනක් එක්ක බිත්තියෙ එල්ලලා තියෙන යුගේෂ් අයියගෙ එවෝන් අයියගෙ සදරුගෙ පුංචි කාලෙ ඉදන් ලොකු කාලෙ වෙනකන් තියෙන ෆොටො දියා බලන් . මට තුන් පත්තකින්ම පේන්නෙ එලියෙ එක පොදියට අහසින් වැටෙන සුදුම සුදු හිම තුහින විතරයි .

ඒ එක්කම මන් ඉන්න කාමරේ පොඩියට මගෙ ෆෝන් එකෙන් මන් සිංදුවකුත් දාලා තිබ්බෙ . මන් හිතනවා මට දැන් දැනෙන රෝයල් හැගීම ඒ සිංදුවත් එක්ක ඕනාවට වැඩි වුනා කියලා . යුගේෂ් අයියව ඕනාවට වඩා මේ දැන් පොඩි වෙන්න තුරුල් කරගන්න ඕන කියලා .

Ed sheeran ගෙ මන් ආසම එකක් වෙච්ච perfect අහන ගමන් මන් උන්නෙ . දැනටමත් භාගයක් ඉවර වෙච්ච සිංදුවේ අවසානෙට ලගා වුනත් සිංදුවත් එක්කම මන් ඉදියෙ දැන් නම් පින්තූර වලින් ඇස් අහකට අරන් එකදිගට වැටිලා බිම තියෙන හිම ගොඩවලට එකතු වෙන අලුත් හිම දියා වීදුරු වලින් බලාගෙන .

We are still kids, but we're so in love, fightin' against all odds
I know we'll be alright this time
Darling, just hold my hand, be my girl, I'll be your man
I see my future in your eyes

Oh, baby, I'm dancin' in the dark with you between my arms
Barefoot on the grass while listenin' to our favourite song
When I saw you in that dress, lookin' so beautiful
I don't deserve this, darling, you look perfect tonight

සිංදුවත් ඉවර වෙද්දි මගෙ ඔලුවට ආවේ කාමරේට එන්න එපා කීව යුගේෂ් අයියගෙ ආච්චිට රයිස් ගරන කතාව . ඒ මගුලට මට යන්න බෑ ඒක ෆින්ග ප්‍රින්ට් එකකින් ඕපන් වෙන්නෙ . ඒ යකා නැතිව යන්න බෑ තමා.

මේ මුලු ගේම නත්තල් වලටත් සරසල තියෙන්නෙ රතු පාට කොල පාට නත්තල් සැරසිලි ගේ පුරාම . පහල් සාලෙ තියෙනවා ලොකු උසම උස නත්තල් ගහකුත් . යුගේෂ් අයියලා බෞද්ධ වුනාට එයාලා ක්‍රිස්මස් සමරනවලු පොඩි කාලෙ . ලංකාවට ආවට පස්සෙ නැති වුනාට .

මේ ඔක්කොම සැරසිලි අලුත්වා . මන් නිසා යුගේෂ් අයියා වේලස්සනම කියලා . අපෙ ගෙදර කට්ටිය ක්‍රිස්තියන් එක්කනෙ . මේ පාර අපි එක්ක එයාලත් ක්‍රිස්මස් සමරනවා . ඇයි ඇලෙක්ස් එයත් ක්‍රිස්තියන් . මේ පාර අපෙ ලොකු ෆැමිලි එකක් ක්‍රිස්මස් එකට සමරනවා කියන හැගීමෙන්ම මගෙ හිත වැහිලා යද්දි දැනුනෙ සතුටක් .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now