🍑 Peach 23 🍑

459 55 3
                                    

පපුව හිරි වැටීගෙන ගිහින් නැවතුනෙ මගෙ ඇගම පන නැති කරලා වෙද්දි මාව ඉක්මනට සදරු ඌගෙ ඇගට බර කරගත්තා . උබට මන් ඉන්නවා යකො කියන්න වගෙ ඌ මන් දියා බලන් ඉදිද්දි මන් ඉදියෙ විසිරිලා යන මගෙ මනස එක තැනකට ගන්න අරමුණෙන් .

ඔලුව වටෙ බැන්ඩේජ් කරලා කම්මුල් අත් කකුල් ඔක්කොම ප්ලාස්ටර් කරලා අර පිරිපුන් ශරීරේ කෙට්ටු වෙලා ඇස් පියන් සිහියක් නැතිව ඉදියත් තිබ්බෙ ඒ මුහුනෙ වේදනාවක් තෙහෙට්ටුවක් අමාරුවක් .

යුගේෂ් අයියව අන්තිමට මාසෙට පස්සෙ මන් දැක්කෙ . ඔව් හරියටම මාසෙකට පස්සෙ . ඒ ලස්සන මුහුන හීරිලා රත ගැහිලා . කේන්තියයි දුකයි හැම ලබ්බම මගෙ හිත වහගෙන . ශිට් මොන කරුමයක්ද අපිට වුනෙ .

මන් තවම සදරුවගෙ ඇගට වත්තම් වෙලා මට යුගේෂ් අයියා ගාවට යන්නවත් ෆිට් එකක් නෑ . මන් හිතන්නෙ මිනිස්සුන්ගෙ හිත් ඕනාවට වඩා සෙන්සටිව් වෙන්න නරකයි . හෙන ගැහුවත් දරාගත්තට බක්මහ අකුණු ගහද්දිනම් බෑ පුතො.

ඒ අස්සෙ මට බක්මහ අකුණු වදිනවත් පෙනුනා . පිස්සු පම්කෙක් මමත් . මන් හිතට හයිය අරන් සදරුවගෙන් ඈත් වෙලා ගියෙ මැශින් වලින් ඉන්න මගෙ ලැවැන්ඩා සුවද අයිතිකාරයා ලගට . දැන් එයා ගාව තනිකරම බෙහෙත් ගද විතරයි තියෙන්නෙ .

ඒ දිග ඇස් පිහාටු පියවිලා තියෙද්දිත් ආසයි මට . මගෙ නපුරා . හරි හෙමීට හුස්ම ඉහල පහල දානවා . අත් පය මොකුත් හොල්ලන්නෙ නෑ . ඒ තොල් පැලිලා . ලස්සන පැල්ලමක් නැති මුහුනෙ ඊරීම් පාරවල් හැමතැනම .

මගෙ ඇස් බොදවෙනවා වගෙ මොනවා හරි දෙයක් බැදිලාන්. ම්ම්ම්ම් කදුලු . ඇස් දෙකෙන් උණුකදුලු බිංදු එක දිගට ඔක්සිජන් මාක්ස් එකක් දාන් ඉන්න මගෙ යුගේෂ්ගෙ කම්මුල් වලට වැටිලා ගලාගෙන යද්දි මට දැනුනා මාව වෙව්ලනවා . මගෙ තොල් පටවල් පවා වෙව්ලනවා .

මට කෑගැහුනා . ඔව් මන් මහ හයියෙන් කෑගහලා ඇඩුවා . මාසයක් හිරකරන් ඉදිය පීඩනෙ ඒ මුහුන ඉස්සරා දිය වෙද්දි මන් වාඩිවෙලා කෑගහලා ඇඩුවා . මට පෙනුනා කට්ටියම බයවෙලා . මන් මගෙ පපුව හයියෙන් අල්ලන් ඉකි ගැහුවා . මගෙ යුගේෂ් අයියගෙ වෙලුම්පටි හොතලා තියෙන අතක් අරන් පපුවට තියන් කෑගහලා ඇඩුවා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now