"ශෙනිරු ඔහොම ඉන්න එපා යකො මගෙ පපුවත් රිදෙනවා ඕයි"
"මල්ලි ඇති බන් උබ විතරයි මට ඉන්නෙත් ඔහොම ඉන්න එපා බන්"
"ඔව් බන් දැන් ඇති පොඩි එකො"
"වැඩක් නෑ කියලා ශිට් මේ වෙච්ච දේවල්"
වෙඩින් හෝල් එකෙ පිටිපස්සෙ තිබ්බ බෙන්ච් එකට වෙලා ඔලුව ගහහෙන ඉදිය මාව නොමැරි මැරෙද්දි මගෙ හිත මන් එක්කම සෙල්ලම් කරද්දි දෛවයත් මට විහිලුවක් වෙද්දි අඩන්න බැරි කමට මන් ඉදියෙ ඔලුව බෙන්ච් එකෙ ගහගෙන .
සදරු , අයියා , රුක්ෂාන් වගේම දේශානුත් මාරුවෙන් මාරුවට කියෙව්වට උන් ඉන්නෙත් පත අව්ලෙන් කියලා නොදන්නවා නෙමේ මන් .
උන්ටවත් නවත්තගන්න බැරි තරම් මේ ප්‍රශ්නෙ සංකීර්ණ කොටසක් හැංගිලා තියෙද්දි ඒක සදරු තියා එවෝන් අයියවත් දන්නෙ නෑ කියන්න මට මේ මාසෙට තේරුනා .
හරියටම මාස පහක් වෙච්ච මගෙ ආදරේ අද උදෙ එලේසගෙ නමටම ලියවෙද්දි මට හිතුනා ඇයි ඇයි මන් මෙච්චරක් පව්කාරයෙක් වුනෙ කියලා .
"රදීර් යූගේෂ් දෙශාක්‍යගේ වන මම එලේසා සදස්නි ෆනෑන්ඩෝ යන අයව මාගෙ නීත්‍යානූකුල භාර්‍යාව ලෙස අද සිට පිලිගන්නා බව කියමි "
මගෙ ඇස් දියාම බලන් හැගීම් විරහිතව බලාගෙන උදෙ වරුවෙ රෙජිස්ටාර් කියපු ටිකම යුගේෂ් කියද්දි රිදෙන හිත මරලා දාන්න පන නැති ඇග සීතල කරලා දාන්න ඒ වචන ටිකට පුලුවන් වුනා .
ඇස්වලින් පිරිමින්ට කදුලු වට්ටන්න අකපැයි කියලා ලියලා තිබ්බට හැගීම් තියෙන මිනිස්සු හැමෝම . ආදරේ කරන එකා වෙන එකෙක්ගෙ වෙද්දි ගල්මූසලයා වගෙ බලන් ඉන්න මට කදුලු අකැප වෙලා අද .
රිදීගෙන යන පපුවට එක කදුලක් වට්ටන්න එපා කියලා මන් ලක්ෂවෙනි පාරට කීවත් ඇස් අගිස්සට එන කදුලු නවත්තගන්න මටම බැරිවුනා .
වෙන්න ඕන ඒව ඔක්කොම වෙලා හෙන විතරක් නොගා ඉන්න මන් ගැන මටම පුදුමයි . මාසයක් හරියට මාසයක් මන් දන්නෙ නැ මන් ජිවත් වුනාද කියලවත් .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...