මොරගොල්ල බීච් එකෙ හවස අහස ලා දම්පාටයි . පුදුම තරම් ලස්සනක් අද හවස අහස . මුහුදු හුලග කපාගෙන එන ලුණු රස තොල් හැමතැනම තැවරිලා . අපි ලංකාවට ඇවිත් දැන් මාස හතරක් . වෙඩිම අරන් මාස හතරක් ගත වෙලා ගිහින් .
අපෙ ජිවිත හරි ලස්සනට ගලන් යද්දි සදෙව් බබාගෙන් අපෙ ජිවිත නිදහසෙ ගෙවිලා ගියා . සදරුවයි මමයි අපෙ දරුවා අපේ අත් වලට එනකන් හරි ආසාවෙන් එයාලගෙ අප්පච්චිලා වගේම බලන් ඉන්නෙ .
යුගේෂ් අයියා මාවත් එක්කන් ගිහින් තව මාස හතරකින් අපි අතට එන්න ඉන්න පුංචි පුතුට කාමරයක් පිරෙන්න බඩු ගෙනාවා . ම්ම් එයා පුතෙක් . එයා විතරක් නෙමේ සදරුවලට එන්න ඉන්න බබත් පුතෙක් . පුත්තු ලෝකයක් අපෙ ගෙදර .
"සීතලද වස්තුව"
"ම්ම් නෑ ඒයි "
අපි දෙන්නා පොඩි නිවඩුවක් ගතකරන්න බේරුවල පැත්තට ආවේ මට ආසාවක් තිබ්බා ආයෙ සැරයක් මොරගොල්ල බීච් සයිඩ් යන්න. මමයි යුගේෂ් අයියයි කැම්පස් කාලෙයි ට්‍රේනින් කාලෙයි නිවාඩු පාඩුවක් හම්බුනාම බේරුවල පැත්තෙ වරද්දන්නෙ නැතිව එනවා . ආදරේ විදගන්න . ආදරණීය මතක එකතු කරන්න . අවසානෙට මතක් කරන්න තියෙන්නෙ ඒවා .
"මගෙ මේ අත් අස්සෙ ඉන්න අහස හරියට හරි ලස්සනයි මගෙ වස්තුව"
අත් අල්ලන් මුහුදු රැල්ල කකුල් වල නිදහසෙ වැදිලා යන්න දීලා යුගේෂ් අයියගෙ පපුවට පිට තියන් මුහුද දියා බලන් ආදරණීය මතක එක්ක තනිවෙන්න ගිය මම ආයෙ තනි නොවි පියවි සිහියට ආවෙ මාව මතකෙකවත් තනි නොවෙන්න දෙන ඒ මහ ආදරණීය පිරිමියගෙ කටහඩට .
"මන් අහසනම් ඔයා ඒ අහසෙ අර පේන දම්පාට වගෙ යුගේෂ් අයියෙ .... මන් ලස්සන මගෙ එහා පැත්තෙ ඉදන් හැමදාම හිත පිරෙන ලෝබ හිතෙන ආදරයක් මට දෙන නිසා "
මන් ඔලුව ඒ පපුවට තද කරන් උගුරු ගැටේට හාදුවක් තිබ්බම යුගේෂ් අයියා පහත් වෙලා තොල් වලින් පෙක් එකක් තිබ්බා . එයා ආසයි ඒ හාදුවට . අර කියමනක් තියෙන්නෙ අපි නොහිතන තැන් වලට දෙන සමාරක් හාදුවලට අපෙ පාට්නර් මාර විදියට කැමති කියලා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...