🍑 Peach 28 🍑

420 45 10
                                    

යුගේෂ් pov

මගෙ අදීශ්වත් ගෙදර ලගින්ම බස්සලා අපි කට්ටිය පිටත් වුනෙ මහලොකු මගෙ ගෙදරට යන්න . මෙතනින් එහාට ගෙදර මොනවා වෙයිද කියලා හැගීමක් තිබ්බෙ නෑ .

අදීශ් මගෙ ලැවෙන්ඩා මල මගෙ හිත ලස්සන කරපු සුවද හමන කැලෑ මලක් එයා . අවුරුදු ගානක මගෙ ඒකපාර්ශවික ආදරේ මගේම වෙලා අන්තිමට එයාගෙම ආරක්ෂාව නිසා එලේසව බදින්න වුනා . අන්තිමට එතනින් පස්සෙ දවසෙ ඉදන් උනෙ මන් අපායක ජිවිතයක් ගතකරා වගෙ හැගීමක් .

මට තවම මතක් වෙන්නෙ ඒ ඇස් දියා බලාගෙන මීට මාස දෙකකට උඩදි මගෙ අතින් අරකිට මුද්ද දාද්දි මගෙ දගයගෙ ඇස් වල තිබ්බ වේදනාව . මගෙ පපුව එදා ගැහුනද කියලත් මට වෙලාවකට හිතෙනවා. අන්තිමට මගෙ වුනානෙ කොහොමහරි .

මගෙ මුහුනට ඉබේම හිනාවක් ආවා . ලේසි නෑ දගයෙක් එක්ක ඔට්ටු වෙන එක . කටක් නෙමේ අනික තියෙන්නෙ හැකර කටක්නෙ . ඒ වගේම ඒ පුංචි හිතෙ මන් ගැන තියෙන්නෙත් එසේ මෙසේ ආදරයක් නෙමේ .

මන් හිතනවා අදීශ් කියලා මනුස්සයෙක් මගෙ ජිවිතේට මුණ නොගැහුනානම් යුගේෂ් කියලා ආදරණීය මනුස්සයෙක් බිහි වෙන්නෙ නැතිවෙන්න තිබ්බා.  ඕනම ගල් හිතක් ආදරණීය කරන්න පුලුවන් කියනවනෙ සුරදූතයෙක් වගෙ ආදරණීය කෙනෙක්ට.  ඉතින් මගෙ ගල් හිත ආදරණීය කරපු යුගේෂ් කියන මනුස්සයව ආදරණීය කරපු මගෙ පුංචි වින්ටේජ් පාට කැලෑ මලට මන් පුදුම තරම් ලෝබයි . පුදුම තරම් බයයි ඒ ලස්සන කැලෑ මල මගෙන් ඈතට යනවට .

මීට මාස තුනකට උඩදි අපි අපෙන් ඈත් වුන විදියත් ඊට මාසෙකට පස්සෙ එලේසව මට බදින්න වුන විදියයි ඊට පහුවෙන්දා ලන්ඩන් යන්න වුන විදියයි එතනින් පස්සෙ වුන දේවල් හිතාගන්න බෑ මට තවම .

මන් හිතන්නෙ මන් අදීශ් වෙනුවෙන් ඔක්කොම දරාගත්තා . එයාගෙ ජිවිතේ වෙනුවෙන් එයාගෙ හීන වෙනුවෙන් මන් මගෙ ජිවිතේට ඕන දෙයක් වෙච්ච දෙන් කියලා දරාගත්තා . ඔක්කොම මන් භාරගත්තා.  අන්තිමට මගෙ සිහිය මගෙන් ඈතට යද්දිත් මගෙ හිතෙ පිරෙන්න ඉදියෙ මගෙ මනසෙ ගැවසුනෙ මගෙ පුංචි කැලෑමල විතරක්ම වුනා .

ආදරේදි මිනිස්සු ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන . ආදරේ කරන මනුස්සයව රැක ගන්නත් අපිට සමාරක් වෙලාවට නොහිතන කැපකිරීම් මේ මහපොලව උඩ කරන්න වෙද්දි මට පුදුම මගෙ හුස්ම ටික ගියෙ නැති එක . ඒ ඇස් වලට වේදනාව දිදීම ඒ කැපකිරීම් සිද්දවෙද්දි මන් දන්නෙ නෑ මගෙ ලැවෙන්ඩා මල කොහොම ඒවා දරාගත්තද කියලා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now