"යුගේෂ් අයියෙ "
අහස දියා බලන් අහසත් එක්ක වෙනදා වගේම දොඩමලු වෙච්ච හැමෝම උදෙ හවස දකින පිස්සු ශෙනිරු අදීශ් වෙනුවට හැගීම් පිරුණ ශෙනිරු අදීශ් කෙනෙක් විදියට ඉදිය මන් ගැස්සුනා . ගැස්සුන පාර වචන ටික ඉබේම කටින් පිටවෙද්දි යුගේෂ් ඉදියෙ සාක්කුවල අත් ඔබාගෙන මගෙ දියා හරි කෙලින් බලන් . ඒ ඇස් මට කියවගන්න කොහොමත් බැරි ගැඹුරු ඇස් කියලා විතරයි මන් දන්නෙ .
"මොකද තනියම ආ !!!!"
තනිකර ඒ කටහඩේ තිබ්බෙම ආධිපත්‍යයක් විතරක්ම වෙද්දි මන් මුහුණට ලා හිනාවක් අරගත්තෙ මගෙ හිත මටම සන්සුන් කරගන්න බැරි තරමට ඒ කටහඩටයි ඒ ඇස් වලටයි හුලගෙන් මගෙ නාස්පිඩු කඩාගෙන යන එයාගෙ මිල අධික ලැවැන්ඩර් සුවදයි මේ සීතලෙ ඕනාවට වඩා මාව හෙම්බත් කරද්දි . මගෙ හිත අමු අමුවේ මිල අධික එයාටම ආවේණික ලවැන්ඩර් සුවඳ හෙම්බත් කරද්දි බංගලාව වටේ තිබුණ ආදරේ සංකේතයක් වුන සේපාලිකා මල් හරි හරියට පරිසරයම සුවද කරන ගමන් තිබ්බේ .
"නිකන් ඉතින් ඇයි තනියම ඉන්න එකෙ මොකක්ද මෙතන අවුල"
"බැරි කමක් නම් නෑ හැබැයි !!"
මගෙ ලගටම ඇවිදන් එන ගමන් යුගේෂ් අයියා කියද්දි මන් ඉක්මන්ට මගෙ ඇස් මාව අතරමන් කරලා රිද්දන අලුපාට ඒ ඝන පිරිමි ඇස් වලින් අහක් කරගෙන එලියට බෝතල් වගයක් උස්සන් එන අපෙ කට්ටිය දියා බැලුවා . ඇස් කොනෙන් මන් දැක්කා අපි ලග පරතරය එන්න එන්නම අඩුවෙනවා .
"මගෙ දියා බලනවා අදීශ් !!"
හස්කි වොයිස් එකකින් කමාන්ඩ් කරද්දි මට ඉබේම ඒ වොයිස් එකත් එක්ක එයා දියා බැලුවෙ ඇයිද කියලා මන් දන්නෙ නෑ . හැබැයි ඇතුලෙ හැංගිලා ඉන්න එයාගෙ යකාව මන් ඇස් දෙකෙන් එකපාරක් හොදටම දැක්ක නිසා මගෙ හිත එයාගෙ වචන එයාගෙ බැල්මට හරි බයයි . මගෙ මුහුණ පුරා එයාගෙ ලස්සන ඇස් ගෙනියලා මගෙ ඇස් දෙයා කෙලින්ම පහත් වෙලා බැලුවේ ආධිපත්‍ය පතුරන ඇස් දෙකක් එක්ක බැල්මකින්.
"මගෙ ඇස් පේන මානෙ ඉන්නවා අදීශ් .. මගෙ ඇස් මානෙන් හැංගෙන්න හිතන්නවත් එපා තමුන් !!"
"අහ්"
"කීව දේ හොදට ඔලුවෙ තියාගනින් අදීශ් !!!! මන් එකම දේ රිපිට් කරන එකෙක් නෙමේ !!"
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romansaපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...