🍑 Peach 29 🍑

415 43 6
                                    


"යොහ් තාත්තේ මොනාද අප්පා"

පුකට වැදුන පාර නිසා ගැස්සිලා උඩ ගිහින් නැගිටිද්දි තාත්තා හිනටත් අත් දෙක දියන් බලන් ඉන්නවා . සැප
නින්ද දෙපටින් ගියා මිතුර .

අපි ලංකාවට ආවේ උදෙ වරුවක නිසා ඇවිත් නාල කරලා මන් නම් කන්නෙත් නැතිව නිදාගත්තෙ . මාර මහන්සියක් තිබ්බෙ . යුගේෂ් අයියා ගෙදර කියලා කීව නිසත් ආයෙ මැසෙජ් එකකින් කිසි ප්‍රශ්නයක් නෑ කීව නිසත් මන් ඉතින් ෆෝන් සයිලන්ස් දාලා සැප නින්දකට අවතීරණය වුනෙ මගෙ ආදරනීය ඇද බදාගෙන සැතපෙද්දි.

"නැගිටලා මේ තේක බොන්න බීලා එනවා කන්න පුකට හද එලියට වැටෙනකන් නිදාගන්නවා"

"අයියො තාත්තේ හද එලියට පස්ස පිච්චෙන්නෙ නෑ "

මන් ඇදෙන් එරමිනියා ගොතාගෙන වාඩිවෙද්දි තාත්තා තේකත් දීලා සරමත් අතින් අල්ලගෙන ඇදෙන් වාඩි වුනෙ මගෙ දියා බලන් . අම්මගෙ සුදු පුතාට අබ සරණ වෙන්න වගෙ යන්නෙ . අපෙ තාත්තා හෙන ස්පීඩ්නෙ යකො ආව දවසෙම අහන්න වගෙ යන්නෙ .

යකො අපහයට ගහපු කැලෙන්ඩර් එක වගෙ නැගිට්ට ගමන් ඉන්න මගෙන් cid එකෙන් වගෙ තාත්තා ප්‍රශ්න කරන්න එන එක නම් එක හෙලා මන් හෙලාම දකිනවා .

"පුතා අයි වෝන්ට් ටූ ටෝක් ටු යූ අ බයිට්"

‍"යෙස් තාත්තා වට්ස්ද මෙටර් ?"

මන් තේකෙන් උගුරක් බීලා පිට උගුර යවාගන්නෙ නැතිව උගුරෙන් පහලට ශේපෙ ගෙනිච්චා ශෙනිරු වැඩ්ඩා මෙහෙම ඉදියට . යුගෙෂ් අයියණ්ඩියෙ ඔයාගෙ හබියා වැඩ්ඩා ඒයි. මාමන්ඩියගෙ ප්‍රශ්න ටිකට මුහුන දීලා කියන්නම්කො වැඩ්ඩගෙ තරම .

මන් දන්නවා ඔය අපේ තාත්තා හැරෙන්නෙ පොල් පැලෙ කන්න කියලා.  ඔයාගෙ සුදුමහත්තයව හන්දන්න මේ ලෝකෙ කාටත් බෑ තාත්තියො . ඔයාට එච්චර පුලුවන් නම් මේ ශෙනිරු අදීශ්ට කොච්චර පුලුවන්ද මෙතන .

"මන් ඉස්සෙල්ලා තාත්තා පට්ටම හයින් කරලා උබ එක්ක කතා කරන්නෙ යාලුවෙක් වගෙ .. අපි තුන්දෙනාගෙ තියෙන්නෙ හෙන ෆිට් යාලු බැදීමක්නෙ පොඩි"

ඒක නම් ඉතින් ආයෙ මොකට කියනවද . අම්මට අන්තිමට තාත්තවයි පුතාලවයි මෙල්ල කරලා එපාවෙලා අප්පලා පුතාලා ඕන දෙයක් කරගන්න එකයි ඇත්තෙ කියලා ගස්සන්න පටන් ගත්තෙත් ඔය ෆිට් යාලුබැදීම නිසා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now