"ශෙනිරු"
යුගේෂ්ගෙ බැක්සයිඩ් එක දියාම ලොකු හුස්මක් අරන් බලන් ඉදිය මගෙ පිට හරි සීරුවට සදරු අතගාන ගමන් හෙමින් මිමිණුවේ ඌට මන් ඉන්න විදිය තවම දරාගන්න බැරි නිසා වෙන්න ඇති .
රිදෙන තැන් තනියම දරාගන්න වෙද්දි හිතට හරි අමාරුයි මගෙ දරුවෝ .. ඒ රිදෙන තැන උබ නම් මන් ඒක කොහොම හරි තනියෙන් දරාගන්නවා
මතක් වෙන ගානෙ මාව මරවන වචන මට මගෙ ඔලුවෙ දෝංකාර දෙද්දි පපුව රිදෙන්න ගත්තෙ පුදුම විදියට . මගෙ අලුපාට ඇස් අයිතිකාරයගෙ ඇස් කදුලෙන් පෙගිලා ගිහින් මගෙ කම්මුලටත් හාද්දක් තියලා කීව ඒ වචන මට මතක් වුනා . හරි ලස්සනට රිද්දනවා ඒ ආදරණීය වචන මාව .
මට පිටිපස්ස අරෝගෙන ඉදිය යුගේෂ් එකපාරටම මගෙ දියාවට ඇරුනේ අත්මිටමොලෝගෙන . ඉවසනවා එයා දරාගන්නවා මගෙ යුගේෂ් . මට මන් අඩද්දි මේ සෙට් එක හරි මගෙ හිත සැනසෙව්වට කොහෙද එයාගෙ හිත සනසන්න කට්ටිය . මන් නෙමේ නේද තනිවෙලා තියෙන්නෙ එයා නේද .
ඒ ඇස් දෙකේ ඕනාවට වඩා වේදනාව මට පෙනෙද්දි ඕනාවට වඩා ආදරේ පෙනෙද්දි අනෙ මට උබව ඕන කියන ආයාචනෙ ඒ ඇස් වල තියෙද්දි අපි අද හරි හරියට අසරණ වෙලා යුගේෂ් . ඔයාගෙ ඩැඩි නිසාම හරි හරියට අසරණ වෙලා .
ඒ ඇස් දිලිසෙන්නෙ කදුලු පටලයක් බැදිලා නිසා කියන්න දන්න මන් මගෙ පපුව මිරික ගත්තෙ මට දරාගන්න බැරි තැනක මන් හිරවෙලා දෙයියනෙ . රිදෙනවා .
"මට විනාඩියක් දෙන්න ඩැඩි"
යුගේෂ්ගෙ තාත්තට එහෙම කියනවා දුර කවුරුත් නැති තැනක හිටපු අපිට හොදට ඇහෙද්දි යුගේෂ් අයියා ලොකු හුස්මක් අරන් ආවේ අපි ලගට .
මගෙ හුස්ම තරමට මන් හරි ආදරෙයි මගෙ ලැවෙන්ඩ මල .. මගෙ පපුවේ හංගන් රකින්න තරම් මන් උබට හරි ලෝභයි මගෙ දරුවෝ ! මේක අවසානෙ නෙමේ මාව විශ්වාස කරන්න .. මන් එනකන් බලන් ඉන්න ....
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...