"ඇයි ඔයාලා කටවහන් ඉන්නෙ අප්පා මට මල පනිනවා හොදෙ"
"ශෙ..නිරු"
"මොන හුත්&ක්ද බන් ආ උබලා එකෙක් දන්නෙ නෑ යුගේෂ් අයියට උන දෙයක් .. උබලා දෙන්නගෙ තාත්තවත් දන්නවද එවෝන් අයියෙ කොටින්ම නෑ නෙ .. යකො ඒ මගෙ හුස්ම ටික මන් මෙතන පොන්&යෙක් නෙමේ කොල්ලෙක් එක්ක යාලුවුනාට ලද බොලද එකෙක් නෙමේ .. මට යුගේෂ ගැන දැනගන්න ඕන යකො ඌට මොනා වෙලාද ? උබලා හංගන දෙවල් මොනවද කියපල්ලා "
විනාඩි ගානක් සද්ද නැතිව ඉන්න කට්ටිය දියා බලන් මේසෙටත් ගහලා මන් කීවෙ දැන් නම් මගෙ අවසන් සීමාව පැනලා නිසා . කේන්තියට වෙව්ලනවා මාව . හුස්ම ගන්න වේගෙත් වැඩි වෙද්දි මට නිකන් අඩෙන්න වගෙ .
ඇයි යකො මමත් මනුස්සයෙක් දරාගන්න සීමාවක් තියෙ . ඒ සීමාවත් ඕනාවට වඩා පැනලා මන් දරාගද්දි මුන්ට මාව සයිකො කාරයෙක් වගෙ පේනවද ?
දෙයියනෙ සතියක් මන් දන්නෙ නැ මන් කොහොම ඉදියද කියන්නවත් . මන් ආස නෑ මෝඩ බොලදයෙක් වගෙ ආදරේ කරන්න . මට ඕන ලස්සනට ආදරේ එකින් එක අකුරු කරන්න . ඒත් වේදනාවට බොලදද බොලද නැත්ද අදාල නෑ නේද ?
මහන්සි මට හරි හරියට මගෙ හිතට මහන්සි . ඇගට ෆිට් එකක් නොතිබ්බ තරම් . මන් සතියකින් ගෙදර ගිහින් නෑ . කැම්පස් ගිහින් නෑ . මේ සතියම එවෝන් අයියගෙ අපාට් එකෙ ඉදියෙ . බලාගත්තු අත ඔයෙ බලන් කල්පනා කරනවා . කොහොමද හිත හදන් කැම්පස් යන්නෙ .
මගෙ පපුව මේ හිරවෙන හිරවිල්ල දන්නෙ මන් විතරයි . හුස්ම ගන්න බැරිව මේ කකියන හිත එක්ක තනිවෙලා ඉන්නෙ මන් විතරයි . වේදනාව ඉවර වෙනකන් අඩන්න මුන් මට උන්ගෙ උරහිස් දෙයි . ඒත් මට ඕන මගෙ උණුසුම් පිරිමියගෙ උරහිස .
විහිලු කර කර ඉදියට ඇතුලතින් පිච්චෙන තරම් දන්නෙ මන් . යුගේෂ් අයියා ගැන අඩුම ඌගෙ ඩැඩිවත් දන්නෙ නැ . තොරතුරක් නැ. කොහොමද මෙහෙම මන් පාඩුවෙ ඉන්නෙ . අනික මෙතන තියෙන ප්‍රශ්නෙ ඒක මොකක්ද ?
"සමාවෙන්න ශෙනිරු මල්ලි ඒක ඔයාට අවස්ථාව අනුව පොඩි පැහැදිලි කරයි දැන් ඔයා කැම්පස් එකෙ දේවල් වලට ෆෝකස් එක දෙන්න් ඔයාගෙ හොදට දරුවො අපි කියන්නේ"
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...