🍑 Peach 42 🍑 ලැවෙන්ඩා සුවදක අවසානය 🪻

569 47 9
                                    

"වස්තුව ලෑස්තිද අයියලා ග්‍රව්න්ඩ් එකට ගිහින් කීවා"

වොලට් එක සාක්කුවෙ දාගෙන පඩිපෙල බැහැගෙන ආව මාව අවසන් පඩියෙන් උස්සලා වයසට යන්න වයසට යන්න තරුණ වෙන මගෙ හැන්ඩ්සම් හබියා ඇහුවෙ මගෙ බෙල්ලෙනුත් හාදුවක් තියලා .

බැදලා අවුරුදු විස්සකුත් ගත වෙලා තියෙද්දි අද අපෙ විසිවෙනි ඇනවසරි එක වගේම අපෙ පුතුගෙ ෆුට් බෝල් මැච් එක . අවුරුදු දහනමයක් එයාට දැන් ලොකු කොල්ලෙක් වෙලා එයා . මගෙ අත් වල ඉදන් කිරි බීපු මගෙ පුංචි කොලු පැටියා දැන් හරි උස මහතයි . මගෙ උස තියෙන්නෙ එයාට . යුගේෂ් අයියා නම් 6.1 ක් උසයිනෙ . මගෙ උස 5.7 ක් නෙ .

පුතා හරිම ලස්සනයි කඩවසම් . එයා ඇග ගානට අප්පච්චි වගේම මේන්ටේන් කරාට එයා ආස නෝමල් ටයිප් මසල්ස් තියෙන ඇගකටලු . අපෙ එකාට මේ ටිකෙ මල්සරා විදලා වගෙ එලියෙ තියෙන ඇහැල ගහ බදාගෙන විකාර කරනවා . ‍යුගේෂ් අයියත් නෝට් කරගෙන ඉන්නෙ ඕක කොයි වෙලෙ හරි අහවි .

"යන් නේද "

"ම්ම්"

මගෙ බෙල්ල දිගෙ හාදු තියන මගෙ හාදුකුමාරයගෙ පිටට තට්ටුවක් දාලා කියද්දි මගෙ තොල් වලට පෙක් එකක් තියලා නලලට හාදුවක් දුන්නා . වයසට යන්න යන්න දැනෙන ආදරේ වැඩි වුනා මිසක් අඩු නොවෙද්දි මන් ඉදියෙ උපරිම සතුට විදින ගමන් ජිවිතෙ .

යුගේෂ් අයියා කාර් එකෙ කී එකත් අරන් ඇවිත් මට නගින්න හැමදාම වගෙ දොර ඇරලා දුන්නම මන් ඒ කම්මුලකින් හාදුවක් තියලා ගිහින් වාඩි වුනාම එයා දොර වහලා ඩ්‍රයිවින් ශිට් එකට ආවා . මන් ශීට් බෙල්ට් එක දාගෙන ශේඩ් දෙකක් දාගෙන ඉන්න මගෙ හබියගෙ අත් ගොබට කම්මුලක් තදකරගත්තා.

"සද බබයි දෙව් බබයි අපෙ බබයි නයිට් රයිඩ් ගිහින් මොකක් හරි ප්‍රශ්නයක් දාගනි කියලා මට බයයි ඒයි"

සද බබා ඒලවල් ලියලා ඉවරයි අපෙ බබයි දෙව් බබයි මේ අවුරුද්‍දෙ ඒලවල් ලියනවා . මුන් තුන් කට්ටුව අවුරුදු තුනක වගෙ ඉදන් නයිට් රයිඩ් කරනවා වගේම ලගදි යුගේෂ් අයියට ආරංචියක් ඇවිත් ට්‍රැක් එකෙ රයිඩ් කරන කොල්ලෙක් මෙයාලට ප්‍රශ්න දානවා කියලා . අපෙ එක්කෙනා කිහිපපාරක් කකුල් අත් සූරගෙන ආවා . යුගේෂ් අයියා කොලු වලි කියලා අත නොදා ඉදියට මන් දන්නවා ටච් එකෙ ඉන්නෙ කියලා යුගේෂ් අයියයි ඇලෙක්ස් අයියයි අපෙ අයියයි .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now