Chapter 42

321 25 10
                                    

"මේ පැත්තෙත් බැල්කනි එකක් තියෙනවද?"

"බැල්කනි එකක් නම් තියෙනවා... මේ ටික අස්කරන්න මට උදව් කරලා යන්න තේව්... ඔයා තමයි ගොඩක් කෑවේ... නෑ ඔයා තමයි ඔක්කොම කෑවේ... මෙහෙ එන්න....."

විවාන් මට කතාකරේ බැරිම තැනද කොහෙද? ඉක්මනට කාලා ඉවර වෙලා මම කරේ විවාන්ගෙ පූසෙක්වත් කරේ තියාගෙන මේ ගෙදර තියෙන අමුතු අමුතු දේවල් බල බල ඇවිදපු එක.... කෞතුකාගාරයකට ආවා වගේනෙ අප්පා.... මේකෙ නැති මගුලකුත් නෑ, ඇති මගුලකුත් නෑ වගේ...

"මං අමුත්තා අද... අමුත්තන්ගෙන් වැඩ ගන්නවද ඔහොමත්...."

"ඔයාට වැඩි දවසක් අමුත්තෙක් වෙලා ඉන්න දෙන්නෙ නෑ මම එහෙනම්....."

මොනවා කියනවද මන්දා මෙයා... ලැජ්ජාවෙත් බෑ....... අස් කරගන්න එකයි ඇත්තෙ එක්කන් ආව නම් මහ ලොකුවට කන්න දෙන්න.... මට රෙස්ටුරන්ට් එකෙන් කන්න දුන්නෙත් නෑ... පූසවත් සැටිය උඩට විසිකරලා මම සාලෙ පිටිපස්සෙ බැල්කනි එකට ගියා...

"අම්මෝ හුලග..."

පිටිපස්සෙ view එක නම් ටිකක් වෙනස්... මම හිතන්නෙ මේ පේන්නෙ අපේ ගෙවල් පැත්තද කොහෙද.....

ටික වෙලාවක් එහෙම බලන් ඉදලා මට බිල්ඩින් එකෙ අනිත් පැත්ත බැලුනෙ කවුරුහරි බලන් ඉන්නවා වගේ දැනුන නිසා....
ඇත්තටම එක්කෙනෙක් බලන් ඉන්නවා..... එහා පැත්තෙ බැල්කනි එකේ ඉදන් බලන් හිටියෙ මම කොහොමවත් මේ වෙලාවෙ බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙක්... රාහුල් සිගරට් එකකුත් ඇගිලි අස්සෙ රදවගෙන වැටටත් අත් දෙක තියාගෙන මගේ දිහා බලන් හිටියා.....

රාහුල් ආයෙ අහක බලාගත්තෙ එයා ඉන්නවා කියලා මම දැකපු නිසා වෙන්න ඇති... එතකොට රාහුල් ඉන්නෙ මේ ගෙදරම කාමරේකද? විවාන් මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ....

එක සැරේට ගෙට ගියොත් එයා දැකලා බය වෙලා ගියා කියල හිතයි... ඒක නිසාම තව ටිකක් වෙලා හිටිය විදියටම හිටියා... හැබැයි වැඩි වෙලාවක් මට එහෙම ඉන්න උනේ නෑ... එක සැරේට ආපු සීතල අත් දෙකක් මගේ ඇගවටින් ගිහින් මාව පිටිපස්සෙන් බදාගත්තා... වෙන කවුරුත් නෙවෙයි ඒ විවාන්... මට දැන් විවාන්ව එයාගෙ සුවදින් අදුරන්න පුලුවන්... ලග තියාම නෙවෙයි මට දැන් දුර තියලම අදුරගන්න පුලුවන්.....
විවාන්ගෙ ටිකක් උනුසුමට ආපු හුස්ම මගේ බෙල්ලෙ වැදුනා.... විවාන් එයාගෙ මූණ මගේ උරහිස උඩිනුත් තියාගත්තෙ මාව සම්පූර්ණයෙන්ම වගේ එයාගෙන් වහගෙන... විවාන් ලග මම කොච්චර පොඩියිද?

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now