ඒ නපුරු ඇස් අදත් එදා වගේම මං දිහා බලන් රවද්දි මට ඉබේම බිම බැලුණා.. එදා බයට බිම බලාගත්ත මගෙ ඇස්වලට අද හේතු වුණේ මහ දුකක්.. පසුතැවීමක්.. කලකිරීමක්.
එදා අහම්බෙන් වියාරාගෙ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදපු පිරිමිකම දෝරෙගලන ප්‍රොෆයිල් පික්ච එක මගෙ ඇස් අස්සෙ මැවිල පෙනුනෙ, එදා ඉදපු නොහොබිනා අපරිණත සාමාන්‍ය පෙළ කොලුගැටයගෙ මරල දාපු ආත්මය ආයෙත් වතාවක් මගෙ හිතම අරක්ගනිද්දි...
' දෙව්දුන් මනෝහර විශ්වනාත් '
Studied at University of #######
Lives in .. මගෙ පලාතෙමයි..
From උඩ උත්තරේම තමයි..
ඒත් මගෙ විශේෂ අවධානය යොමු වුණේ Marital status එකට..
Single
මට හේතුකාරණා ගහපහදන්න තරම් මොලයක් එදා තිබුන්නෑ. ඒ හින්දා මං මගෙ හිත රවට්ටගන්න මනෝවිකාර ගැහුවෙ ඇත්ත හේතු පිලිගන්න කොන්දක් නොතිබ්බ හින්දා.
මෙච්චර හැන්ඩ්සම් කැම්පස් කොල්ලෙකුත් සිංගල් නං ලනුපොට වගේ ඉන්න තාම ඕලෙවල් රිසාල්ට්වත් නොදැක්ක මං ගැන කවර කතාද.. මෝඩයෙක් වගේ ඕක හිතලා මං හිනාවුණා මතකයි.
ඉන්ජිනේරු පීඨයෙ තුන්වෙනි වසරෙ ඉගෙනගත්ත දෙව්දුන් අයියගෙ පෝස්ට් අස්සෙ අපෙ අයියගෙ කමෙන්ට්ස් දකිද්දි හිග්ගෑවුනට මොකද... ටිකකින් පොඩි ලල් ෆීලින්'ග් එක්කුත් කුපාඩි හිතට නෑවිත් තිබුන්නෑ. දෙන්නා බොක්කෙ ෆිට් නං ඉතින් අපේ ගෙදර ඇවිදින් ගිහිල්ලත් ඇති. ආපහු එක්ක ආවොත් අවදානෙන් ඉන්න මම හිතාගත්තා.
එකපාර ඇතිවෙච්ච මේ ආකර්ෂණය මගෙ හිතට වද දුන්නා. එකපාර කිව්වට.. මේව එකපාර ඇතිවෙච්ච හැඟීම් ම ද කියල එදා මට පොඩි කනස්සල්ලක් නොතිබ්බා නෙවේ. ලොකූ හරි චූටි හරි අප්පච්චි හරි කමිසෙ නැතුව ගෙදර එහෙමෙහෙ යද්දි හැම වතාවකම මං ඒ දිහා නොබල මගඇරිය හැටි අදටත් මට හොදට මතකයි. මටත් ඒ කවුරුත් අවට මගෙ පිරිමිකම නිරුවත් කරන්න මැලිකමක් තිබ්බා. මහ අප්‍රසන්න පිලිකුලක් ඒ දේවල් දකිද්දි මට ආවා.
![](https://img.wattpad.com/cover/375105640-288-k50953.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...