එදා වෙසක් පුර පසලොස්වක පෝය දවසක්..
අයියගෙ යාලුවො සෙට් එක ඇවිත් කොළඹ වෙසක් කලාපය බලන්න අයියව ඇදගෙන යන්න හවස් වරුවම දැගලුවා.
අයියා කැමති වුණේ නෑ යන්න. මං ඒ අයියල ඔක්කොටම බාලයි. මාව එක්ක යන්න අයියගෙ කැමැත්තක් තිබුණෙ නෑ. ඒත් මාව දාල යන්නත් අයියා කැමති වුනේ නෑ.
අන්තිමට කන්කරච්චලේ ඉවසගන්න බැරි තැන අයියා මටත් ලෑස්ති වෙන්න කියාගෙන සුදු ශර්ට් එකක් දාගත්තා සෝදන් ආව ඇගට උඩින්.
අයියගෙ සුදුම සුදු කකුල්වලට බාටා දාගෙන කොන්ඩෙ ටිකක් විතරක් අල්ලල ඇවිස්සෙන්න ගැටගැහුවම සුපර් මොඩ්ල් ලුක් එකක් අයියට ආවෙ ඉබේටම.
මං ගෙදරින් සුදු ඇදුම් ගෙනල්ලා තිබුනෙත් නෑ වැඩිය.. තිබුනෙ ලා පාට ශර්ට් දෙකක් විතරයි. ඩෙනිම් ගල් ශෝට දාල සුදු ශර්ට් එකක් ඇදල මං ස්ලිපර්ස් දෙකක් දාගත්තා.
" මොකද්ද ඔය ඇන්දෙ..? " දෙව්දුන් අයියා මට රවන හේතුව මං දැනන් උන්නෑ. ඇහිබැම ලං වෙලා සුදු මූණ රතු වුණා. " මාරු කරන් එනවා.. "
" මොකද්ද? "
" තොරන් පෙන්නන්නද යන්නෙ? "
" ඇයි දැන් මොකද්ද අවුල? "
දෙව් අයියගෙ යාලුවෙක් අයියගෙ රූම් එකේ දොරරෙද්ද මෑත් කරගෙන හොම්බ දාපු හින්දා අයියා කතාව එහෙම්ම නතර කරගත්තා.
" හනිමූන් නෙවෙයි යන්නෙ. වරෙල්ලා අද.. දෙව්දුන් hurry the fu*ck up මචං "
" යමං.. "
දෙව්දුන් අයියා රූම් එකෙන් එලියට යන ගමන් ඒ අයියවත් තල්ලු කරන් ගියා.
මං ශෝට ඇන්ද එකට උට කේන්ති ගියෙ ඇයි කියල මට තේරුණේ නෑ. මං ආදරේ කරල තියෙනවා.. ඒත් වියාරා කොටට ඇන්දා කියල මට කේන්ති ගිහින් නෑ.. වියාරා කොහොමත් කොටට ඇන්දෙ. එතකොට වියාරා ලස්සනයි..
මුට මෙච්චර පැලියාව ඇයි කියල එදා මට තේරුන්නෑ.. මං ඒ තරම් සමාජෙ ගැන දැනන් හිටියෙත් නෑ..
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...