' ඇයි ඔන්ලයින් නැත්තෙ? '
' පාඩම් කරනවා.. '
අයියට සැකයක් දැනිලද මම දන්නෑ.. හැබැයි දැනිලනම් මාව ලේසියෙන් අතාරින්නෙත් නෑ කියන්න මම දන්නවා.
මම කල්පනාවෙන් වැඩ නොකළොත් මේක මගෙ මළගෙදරින් කෙළවර වෙන්නෙ කියන්න මම දැනන් හිටියා.
මගෙ අයියා මැසේජ් කරන්නෙ අපෙ අයියගෙ කාමරේ ඉදන්.. අපේ එකට අල්ලපු කාමරේ. අයියා එක්ක කතා කරන ඒවත් මම අහගෙන... කතා කළේ අන්තරේ යන මොකක් හරි කැම්පේන් එකක් ගැන. මට කන තියන් ඉන්නවත් හිතක් තිබුන්නෑ. මට නින්ද ගියෙත් නෑ.....
මල්ලිගෙයි මගෙයි කාමරේ දොරක් නෑ. නින්ද ගිහින් ඉද්දි දෙව්දුන් අයියා කාමරේට එයි කියලමයි මට හිතුණෙ.. එහෙම එන්න හේතුවක් නැති බව ඇත්ත. ඒත් එයාට දැනිලනම්....?
මට හිතුනෙ නිදාගත්තොත් ඇහැරෙන්න මම ජීවත් වෙලා ඉන්න එකක් නෑ කියල.. එච්චර ගැහිල හිටියෙ එදා..
" ආහ්... උබ #### කැම්පස් එකේනෙ බං. මට දැන් මීටරේට වැටුණෙ.. " අපේ ලොකූගෙ කතාව හැරිච්ච අත ආපහු මගෙ ඉහ මුදුනට තිස්තුන්දාහ වගේ වැදුණා. " අපේ මද්දුවා.- "
" ලොකූ ආ තේ..... " චූටි උබ මල්ලියෙක් නෙවෙයි දෙයියෙක්. අනේ ඔහොම්ම කතාව හරෝපන් සුද්දා..
ඇත්තමයි එවෙලෙ මගෙ හිතේ මල්ලිට දණගහල වදින්න තරම් භක්තියක් ආවෙ.. " අම්මා කිව්වා බිස්කට් එකක් ඉල්ලගන්න කියලා. "
" බොරු කියන්නෙපා තෝ.. උබ සීනි කාල කාල Diabetes හදාගන්නවා චූටි ... අද දවසට බිස්කට් විතරක් කීයක් කෑවද කියහං! "
" හරි අනේ... එකක් දෙනවකො.. "
" කොච්චර කෑවත් ඇගවල් හැදෙන්නෙත් නෑ.. ආ... පලයං... මද්දුට එන්න කියපං. "
ආයෙත් හුත්ත..
" මද්දු අයියට තමුසෙ ගහලා අන්න උණ ගැනිල.. දැන් නිදි. අම්මා කිව්ව ඇහැරන්න එපා කියල. මටත් නිදිමතයි මම යනවා.. "
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...