හිතුව තරම්ම කොෆිශොප් එකට රෙන්ට් කරපු බිල්ඩින් එක හිතට අල්ලලා ගියෙ අපේ වාසනාවට. මම මගෙ සල්ලිවලින්ම බිල්ඩින් එක මාස හයකට රෙන්ට් කළේ.. අයිතිකාරයා දෙපැත්තට වැනෙන්න තියාගත්ත හින්දා.
මොනර පැටියා ලොලිපොප් එකක් අතේ තියාගෙනම නින්දෙ මගෙ ඔඩොක්කුවෙ.. අයියයි මමයි රෙස්ටොරන්ට් එකකට ගොඩ වුණේ ලන්ච් එකට.
" ඔයා පන්ඩිතයිනෙ සුදූ.. " අයියා කිව්වෙ මොනර පැටියව කූද්දන ගමන්..
" ඇයි?.... "
" අහනකොටම එහෙම ඉල්ලුව ගාණක් දෙනවද?.. ටිකක් බාගේන් කරන්න ඕන. කොහොමත් බාගේන් කළොත් අඩු කරන්න හිතාගෙන වැඩිපුර ගානක් තියලයි හංස බිස්නස් එකකට කෙනෙක් බහින්නෙ. "
අයියා පුතා එක්ක ඉන්න අතරෙ මම පන්ඩිතයා වගේ ඉල්ලුව ගානම දුන්නා නම් තමයි. ඒ අයියා ඉද්දි කළානම් අයියා සල්ලි දෙන්න පෙරැත්ත කරයි කියන බයට.
ලොකුවට නැතත් දැන් මම මගෙ වේල පිරිමැහෙන්න හරි ගෙදරට බඩු ගේද්දි සල්ලි කීයක් හරි අතින් දාලයි ඉතුරු ටිකට අයියගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නෙ.. ඒක හිතට මහ සැනසීමක්. ඉස්සර මම ගෙදරින් දෙන දෙයක් කාලා... ඉන්නන් වාලෙ හිටියත්.. මොනර පැටියා මගෙ වුණාට පස්සෙ ජීවිතේ බර කියන දේ තදටම දැනෙන්න ගත්තට පස්සෙ මට කාටවත් බරක් වෙන්න හිත දුන්නෑ. අඩුගානෙ මගෙ අයියටවත්.
" ඉතින් මං ඒව දන්නෑනෙ ඒයි.. "
" මට ඒක හැන්ඩ්ල් කරන්න දෙන්න තිබුණනෙ හංස.. ආහ්.. කමන්නෑ. මේක ලෙසන් එකක් කරගන්න. බිස්නස් කරන ක්‍රමයක් තියෙනවා. ඔහොම යද්දි ඔයා ඉගෙනගනී.. "
බිස්නස් එකක් මේන්ටේන් කරනෙක එච්චර අමාරුද අප්පා.... මගෙ ඔලුවෙ තිබ්බෙ ශොප් එක ඇරියා.. සල්ලි ගලාගෙන ශොප් එක ඇතුලට ආවා.. වගේ සීන් එකක්.
" අනේ මංදා.. මාව බංකොලොත් වෙයි නේද ඒයි මේ ඔලුවෙන් ශොප් කරන්න ගියොත්..? "
" ඔයා ස්මාට් කොල්ලෙක් සුදූ.. hang එක අල්ලගන්නකො. එඩිසන් බල්බ් එක ඉන්වෙන්ට් කරන්න කලින් දහස් වතාවක් ෆේල් වුණා. එකපාරම කාටවත් සක්සස්ෆුල් වෙන්න බෑ... වැරදෙන තැනින් ලෙසන් එක ඔලුවට දාගන්න කෙනාට විතරයි ඒ චාන්ස් එක ලැබෙන්නෙ. "
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...