අබ මිටක් උඩ දැම්මට බිම නොවැටෙන ගානට සෝ ගාල බැතිමත්තු ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වදින්න පෝලිම් ගැහිල. සුදු ඇදගෙන නොහිටින්න කඩි රැලක්ම තමයි. මං ඒක චූටි එකාගෙ කනට කරලා කිව්වම සුදුපාට ඇදුම අස්සෙ ඉදපු සුදු බෝලෙට හිනාව වාවගන්න බැරි වුනා.
මං කරගත්තු එක. ඔක්කොම හැරි හැරී බලනවා. මං වසන්ත අයියට ටිකක් මුවා වුණේ කොල්ලවත් ඇදගෙන..
මගෙ අත් දෙකෙන්ම ලොකු නෙලුම් මල් වට්ටියක් අල්ලන් හිටියෙ.. කිටි කිටියෙ අහුරලා නෙළුම් මල් පන්සීයක්.. ඉතුරු වට්ටිය වසන්තෙ අයියා දෝතින්ම අරන් හිටියා.
හුළඟට බෝ පත් ලෙලදෙන සද්දෙ සිරි සිරි ගාල ඇහෙද්දි... ඒ බෝපත්වල උපන්න හීතල අතින් අරන් එන හුළං රැලි කම්මුල්වලට වැදෙද්දි දැනෙන කුල්මත් හැඟීම මාව ඕනවට වඩා භක්තිමත් කලාද ත් මංදා. නෙලුම් මල්වල සුවදට මාව මත් වෙන තරම්.. මං මගෙ දරුපැටියා දිහා බැලුවා.
චූටි නැශනල් කිට් එකක් අන්දලා ඉදපු මැනික අතට මං නටුව එක්කම නෙලුම් මල් තුනක් දුන්නෙ වට්ටියක්ම ඕන කියල එතන දෙකක් කරන්න ගත්ත හින්දා. මහ උජාරුවට මල් තුනම ඇබින්දන් ඇගිලිකොටවලින් අල්ලන් මගෙ කලිසමෙත් චූටිම ඇගිල්ලකින් එල්ලිලා..මල් මිටත් අතින් අරන් තියන චූටි චුට්ටන් අඩි සුදුම සුදු සිනිඳු වැල්ලෙ එරෙද්දි මට මූ මිරිකන්නමයි හිතුනෙ..
මල් ටික පූජා කරනකල් කොලුපැටියා වඩාගන්නත් බෑ. කකුල් රිදෙනවත් ඇති.. දැන් පැයක් විතර පෝලිමේ.. ඒත් කොල්ලට අද ගානක් නෑ.. අතේ මල් තුනක් තියෙනවනෙ..
" සුවද බලන්නෙපා මැනික... බුදු සාදුට පූජා කරන්නනෙ යන්නෙ අපි.. "
" සුවද එනවනෙ.. "
" ආවට කමන්නෑ... ඉබින්නෙපා. "
" බුදුතාදු තර්හා වෙයිද? "
" තරහ වෙන්නෙ නම් නෑ.. බුදුසාදු හරී හොදයි.. ඒත් බුදුසාදුට දුක හිතුනොත්.. "
" මං ආත නෑ... දුකින් ඉන්න බුදුතාදුලට. බුදුතාදු පව් නේද තාත්ති.. "
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...