| 12 |

1K 158 154
                                    



      " කෝ "


මම හිටියෙ තුවායෙන් තොලේ ලේ පිහ පිහ. දරු පැටියා අඩ අඩම ඇවිදින් ඇදට නැගලා නින්ද ගිහින් තිබුණා වැටිච්ච විදියටම ඇදේ..




    මගෙ රත්තරං මොනර පැටියගෙ කම්මුල රතු පාට වෙනකල් ඉදිමිලා.. මට දැනුනෙ මං මහ පො න්න තාත්තෙක් කියලා. මට බැරි වුනා මගෙ දරුවට අත උස්සපු පරයගෙ ඇගිල්ලක් ගානෙ කඩලා දාන්න.


    වාහනේ කන උඩට ඇවිත් නතර කළේ හෝන් ගහගෙන. මගෙ තුනටියෙ වැදිල මාව මහ පාර මැද්දෙ ඇදගෙන වැටුණා. වැස්ස තදයි. මං අරූට කෙලින්න හිතාගෙන පාරට පැන්න මිසක් වෙන සිහියක් පතක් තිබ්බෙ නෑ. වාහනයක් ආව බවක් වත් මම දැක්කෙ නෑ.



    දෙව්දුන් අයියා මගෙ අතකින් ඇදල නැගිට්ටෙව්ව හැටියෙ තොල පුපුරලා ඉදපු මට සංග්‍රහ කළේ තව කම්මුල් පාරකින්.


    " තව හැදිල නෑ නේ?... " දත් මිටිකාගෙන හීන් සද්දෙන් ඇහුව ඌ මාව ඇදගෙන පාරෙ අයිනකට ගියෙ උදැල්ලත් උස්සලා පැත්තකට විසිකරලා.. දෙව්දුන්ගෙ උස මහත‍යි.. මං කාපු පාරෙ සැරයි දැක්ක මැර කපල් එක ආගිය අතක් නැති වෙනකොට මහ වැස්සෙම මූ  මගෙ ගෙපිළට ගොඩ වුණේ මගෙ ගේ කියල දැනගෙනද නැද්ද මං දන්නෑ.


    " පර බල්ලා තෝ තව හැදිලා නෑ නේද?! තෝ හැදෙන්නෙ කවද්ද?! කියපං, 'ට හුකන්ඩ... තවම තොගෙ බලු ගතිය ඇරිල නැත්තෙ ඇයි?! " දෙව්දුන් මගෙ උරිස්වලින් ඇදලා හෙල්ලුවට මං ඉහට නැග්ග මාරයා උහුලන්න බැරුව දත් කාහෙන හකු පූට්ටු කරගත්තා මිසක් උට උත්තර දුන්නෙවත්.. උගෙ යස්ස මූණ දිහා බැලුවෙවත් නෑ.

    " බල්ලො බලල්ලු වාගෙ පාරවල් ගාගෙ හුකාගන්ඩ තොට හිරිකිතක් නැද්ද?! ... මට ලැජ්ජයි.. මං තොට ආදරෙත් කරා... "



ඌ අන්තිම ටික කිව්වෙ සද්දෙ වහලා. ඒත් ඒ වචන ටික තමා මට සද්දෙටම ඇහුනෙ.. පපුව පත්තු වුණේ.. මං පලවෙනි වතාවට උගෙ මූණ දිහා බැලුවෙ..



   හොද වෙලාවට මම තෙමිලා හිටියෙ.. සමහර විට උට මගෙ කදුලු පේන්න නැතුව ඇති. මං ඌ තල්ලු කරලා දාල දොර ඇරගෙන ගෙට ගියෙ ගේ මැදින් වතුර බිංදු පාරක් අතුරගෙන.. හරියට.. මං පැනලා දිව්වත් උට මං සලකුණු තියලා යන නොහික්මුන වේස වැලිපොළගෙක් ගානට.




දෙව්සකුණ  | MOURNING AVES  | BL |Where stories live. Discover now