මාව බෝඩිමෙන් දාල අයියා ගියෙ ලෙක්චර්ස්....
ආපහු ආවෙ රෑ හතට විතර.. ඇයි පරක්කු ඇහුවමත් ලොකුවට උත්තරයක් ලැබුණෙ නෑ. යාලුවො එක්ක රස්තියාදු ගහලද මංදා.. ලඟින් මත් සුවදකුත් ආවා..
මම හය විතර වෙනකල් බලලා කඩේකින් පාන් ගෙනල්ලා පුළුවන් විඳියට චිකන් හොද්දක් හැදුවෙ කඩේ අයියා ලවා කුකුලව කෑලි කපවගෙනම ඇවිත්..
මට නම් අප්පිරියයි මස් එක්ක වැඩ.. කොටින්ම මං ඉව්වොත් මට කන්නවත් බෑ එදාට.. අරූ අමුවෙන් ඉදපු විදිය මතක් වෙද්දි ඔක්කාරෙට එනවා.
ඒත් අයියා පාන් කන්නෙ මස් හරි මාලු හරි තිබුනොත් විතරයි. මාලු කඩයක් ලගපාතක නෑ. වෙනදට එන මාලු ගේන ලොරියත් එනකල් බලන් ඉදලා ඉදලා මම කඩෙන් මස් ගෙනාවෙ ඒකයි..අහක බලාගෙන මැරිච්ච සතාගෙ ලේ සේදුවා ටැප් එකට අල්ලලා.. මං මස් මාලු කනවා.. ඒ පොඩිකාලෙ ඉදලා පුරුදු වෙලා ඒ රහට කැමති හින්දා.. ඒත් ඒ කෑව වෙලේ ඉදලා දුක් වෙනවා මං මිනීමැරුමක් කරපු මිනීමරුවෙක් ගානට.. ඒත් තියෙද්දි නොකා ඉන්නත් බෑ.. මක් වෙලාද මංදා මට..
මස් කරි එක හදලා හට්ටිය ගෑස් ලිප උඩම වහලා තියලා.. පාන් දෙක අවන් එක ඇතුලෙන් දාල ඉස්සරහ දොර ඇරගෙන ගිහින් ගරාදි වැටට හේත්තුවක් දාගෙන බලන් හිටියෙ අයියා එනකල්...
බෝඩිමට නැගල එන්න තියෙන යකඩ පඩි දිග නගින්න අත් වැටට අත තියද්දිම මං දන්නවා කොල්ලා ගසලා ඉන්නෙ කරටි කැඩෙන්න කියන්න..
මේකා නිතරම බොන එකෙක් නෙවෙයි.. ඒත් බොන දවසට වැටෙන්න බොන එකෙක්.
ඌ ඔය වගේ බීල ඇවිල්ලා මං එක්ක පිස්සු කෙලිනකොට මම ආසයි... ඌ ඒ වෙලාවට හුරතල් වෙනවා.. වෙන වෙලාවට වගේ සැර දාන්නෙ නෑ කතා කළත් සුදුමැනික කියලා..
මට බය තිබුණෙ මූ බීලා බයික් එක ගන්න එක. අනික මමත් ඕවට උල්පන්දම් දෙන්න ගිහින්.. මේ මනුස්සයා ලස්සනට හදාගෙන ආව ජීවිතේ කාගනී කියන බය මට තිබුණා.
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...