" අනෙ අම්මෙ මේ අයියා- " චූටි අඩාගෙන කුස්සියට යන්න නැගිට්ටෙ මං රිමෝට් කන්ට්රෝල් එක උට දුන්නැති හින්දා.
උදේ උගෙ කාටූන් එකක් බලද්දි පටන්ගත්ත මැච් එක තාම බලන්නෙ මම.. දැන් හවස කාටුන් මුරේ.. මං එක්ක රිමෝට් එකට රන්ඩු වෙලා බැරිම තැන කොල්ලා කිඹුල් කදුලු පාරකුත් දාන් නැගිට්ට විදියෙන් මං දන්නවා මේ පාරනං ගිනිගෙඩියක් දෙන්නමයි ලෑස්තිය.
" ආ ආ වරෙන්... ගනින්... හෝන්තුව...! " මං රිමෝට් එක සෝෆා එකට දාගෙන නැගිට්ටෙ මලපැනලා... ඇයි යකෝ.. මාසෙකට කී පාරද මං ගෙදර එන්නෙ.. මුට ටීවී එක ලියල දීල වගේ දැන් හැසිරෙන්නෙ.. මෙච්චර කල් මූ නෙ මෙව්ව රන් කළේ.. මං නැති හින්දා හොදයි මුංට....
" පොතක් පතක් බලන්න එපා... ඔය අටමගලෙම ඔලුව ඔබන් ඉදපං. "
" තමුසෙ උදේ කීයටද මෙතන පස්ස අලෝගත්තෙ කියහංකො... "
ඇත්තකුත් තියෙනවා..... ඒ උනාට මුට වැඩක් නෑ වැඩිහිටියො එක්ක කටගහන් යන්න..
මං රැව්වට මූ ගණන් ගත්තෙත් නෑ... ඒකට ලොකූ සැර කළාම... දවසක් චූත් ගියා ලොකූ මොකකට හරි බනින්න ගිහින්... මාස ගාණක් ඒක මතක් කර කර මං පොඩි එකාව නෝන්ඩි කරා...
අපි හොද වැඩී..
මට මැද ඇගිල්ලත් පෙන්නල කාටූන් එකේ සද්දෙ වැඩි කරගත්තෙ....
" ඒයි..! "
" කෑනොගා යනවා... "
" මොකද්ද තෝ ඒ කළේ?!.. "
" මේක.. " ඇටයා ආය මැද ඇගිල්ල පෙන්නුවෙ ටීවී එක දිහත් බලාගෙන..
මං ලොකු හුස්මක් ගත්තෙ අදනම් කෙලෝනවමයි හිතන්... " අම්මේ මේ චූටි කුනුහරු- "
කියන්න ගිය එක එතනම ගිලුණෙ ගේට්ටුවෙන් ඇතුළට දාපු බයික් එක දැකලා..
හුස්මත් නැවතුනා.. ..දෙව්දුන් අයියා මෙහෙ?!...
මං ඉවරයි... අදනං මං ඉවරයි..! සාලෙ කැබිනට් එක උඩ තිබ්බ මගෙ ෆොටෝ එක අරන් මම කෙලින්ම දිව්වෙ කාමරේට...
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...