| 51 |

635 102 44
                                    
















        මම දන්නෑ කොයි වෙලාවෙද ලොකූ ගියෙ කියලා..




        අයියා රූම් එකට ආවම මම ඇදෙන් බැහැල දණින් වැටුනෙ අයියා ලඟ...








      මට ඉකි ගැහුන තරම්..!







    " අ.හ්..නේ මගෙ අයියෙ... " මම අයියගෙ දෙපතුල්වල මගෙ නළල වද්දගත්තෙ... වැඳලවත් එයාගෙන් සමාව ගත්තත්... වැඳවැටිලවත් මගෙ අතින් අයියට වෙච්ච වැරදිවලට මට මගෙන් සමාවක් නැති හින්දා.




    අයියා මාව උස්සන්න හැදුවත්.. අත් පපුව ඉස්සරහ එකට කරගෙන මම බිම වැටිලා ඉකිබින්ඳෙ විතරමයි.





    " මට සමාවෙන්න අයියෙ... මං.. ම්හං වගේ පවුකාර වේස බල්ලෙක් තමුසෙ වගේ දෙවියෙකුට ගැලපෙන්නෙ නෑ මගෙ අයියේ...හ්! අනේ මං වගේ.... මං වගේ තිරිසනෙක් අප්පා... මං හින්දා උබයි මගෙ අහිංසක ... ම්...මොනර පැටියයි දෙන්නම විදවනවා නේද?!.... ඇයි අයියෙ මම ඉපදෙන්න කලින් මැරිල නොගියෙ?!.. මෙච්චර පවකට අත ගහන්න ඇයි දෙයියනේ මම මේ භවේට ආවෙ? අඩුගානෙ සතෙක් වුණානම්... තිරිසනෙක් නිසා හරි මෙව්වට සමාවක් තියෙයි.. මං මනුස්ස ප්‍රාණයක් ලබලත් උබට කළේ බලු තිරිසන්... කාලකන්නි වැඩක්නෙ අයියේ.. හැමදේම තේරෙන මිනිස් ආත්මයක් ලබලා ඇයි අයියෙ මං දැන දැන පව්වලට කරගැහුවෙ?!.. මිහිපිට අපාගත වෙන පව්වලට කරගැව්වෙ මම... දැන දැනම එව්ව කළේ..- "










    " අයියෝ සුදූ!.. " අයියා මාව නැගිට්ටලා තුරුලට ගත්තෙ මට අනුකම්පා කරලම වෙන්නැති. එව්‍ර්හ් සුදුසු නෑ මට අනුකම්පාවක්!.. " ච්... පිස්සුද මැනික ඔයාට?!.. අර දරුවො ඇහැරෙයි මගෙ මැනික.. කෑනොගහ ඉන්න.. විකාර කියවන්න එපා රත්තරං.. "










    " මට කමන්නෑ අයියෙ.. " මම මිමිණුවෙ පපුව ගලවලා... අතේම පොඩිකරලා මරලා දාන්න තරම් කැක්කුමකින්.. " මට කමන්නෑ ලොකූ මාව රෙදි ගලෝලා ගල් ගගහා පාරවල් ගානෙ ඇදගෙන ගියත්.. මට ඒ දඩුවමත් හොද වැඩී.. මගෙ රත්තරන් අයියට කුනුහරුප කියන්නෙ.. මම කරපු වැරදි වලට ඇයි අයියා බැනුම් අහන්නෙ?!.. "










    " කාම් ඩවුන් හංස... මගෙ සුදූ හැඟීම් එක තැනකට ගන්න මුලින්.! අපි මෙව්වා කතා කරමු... මුලින් සන්සුන් වෙන්න. "





දෙව්සකුණ  | MOURNING AVES  | BL |Where stories live. Discover now