| 43 |

705 101 62
                                    

අයියගෙ අමාරු යන්තම් හොද වීගෙන එද්දි මම ඇනගත්තනෙ අතේ පොල් උල.. පොල් උල කිවට ඒක උදලු තලයක්.




මට බෙහෙත් දාන්න අර මනුස්සයා අඩු ඇද ඇද ගිහින් ත්‍රීවීලර් හෙව්ව එකයි මට දුක. ඒත් කිව්ව දෙයක් අහන එකක් ද?



" ආ.. මේක බීල ඇදට වෙලා ඉන්න. "


දෙන්නම ලෙඩ්ඩු වුණාට... අඩුවෙන් අමාරුව තියෙන්නෙ මට වුණාට.. අයියා මට කුස්සිය පැත්ත පලාතෙ රැඳෙන්න දුන්නෑ. එයාම බැරි බැරිගාතෙ ඉව්වා. අස් කළා. සේරම කළා.


දැනුත් මට තේ එකක් හදන් ඇවිත්. මමත් වැඩක් පලක් කරලා හුරු ඇති එකෙක් නෙවෙයි නෙ. මං වගේ හෝන්තුවක් කරගැහුවොත් අයියට වෙන්නෙ බඩගින්නෙ නහින්න කියලත් නොහිතුනා නෙවෙයි.




මං ඉගෙනගන්නෙ ඩිග්‍රිය අරන් ගෙදර ඉන්න කියලා ඒ වෙද්දිත් මම තීරණය කරලා ඉවරයි. මේකා ඉන්ජිනේරු මහත්තයෙක් වුණාම මං මොකටද වැඩ කරන්නෙ? මං ස්ටේ ඇට් හෝම් තාත්තෙක් වෙලා බබාලව බලාගන්න තීරණය කරලා තිබුණෙ.


දාසයයිනෙ.. චූටිනෙ..





" ඒයි... "


" ඕ.. " අයියා මට ලොකු කේක් කෑල්ල දීල එයා පොඩි කෑල්ල අරන් ඇදේ වාඩි වෙලා.. ඒකෙනුත් කටක් මට කැව්වෙ මාව ඉබින්න කලින්.



මේකව බලන්න එන එන යාලුවො ගේන චොක්ලට් , කේක් , කුකීස් එව්ව මෙව්වා සේරටම වගකියන්නෙ මංම තමයි.


" අපී... මැරි කල්ලා..... ට්‍රිප්ලට්ස් හදමු හාද? " මම ඇදලා පැදලා කිව්වෙ අයියගෙ උකුලෙන් ඔලුව තියන ගමන්.


" ඔයා පෝච්චිය දෙනවනම් මං ඇට දෙන්නම්.. "


වලත්තයා කිව්ව එක.. මුගෙ තව එව්වා කැඩෙන්න තිබ්බෙ අප්පා..

මම කළේ බඩට වැලමිටෙන් ඇන්න එක. රිදුනත් හිනාවෙනවා. මාව අල්ලන් කට කෑවෙ මම දිගාවෙලා ඉදන්ම තේ එක බොන්න දගලනකොට.





" මගෙ ඇට නෑ කියල හිතුවද?! සීරියස් දෙයක් කතා කරන්න යද්දි.. පලයං අහකට! "



" හරි ඉතින් කවුද දන්නෙ ඔයා සීරියස් දේවලුත් කතා කරනවා කියල?! "




දෙව්සකුණ  | MOURNING AVES  | BL |Where stories live. Discover now