" තාති අපි අද තූති නංකිබබෙක් ගේම්මු ද? "
එදා යොවානා විසිකරපු අලුත් මේක් අප් සෙට් එක මේකා අහුලගෙන.. අනිත් පොඩි උන් දෙන්නට අල්ලන්නවත් දෙන්නෙ නැතුව ගෙනත් කාමරේ හංගලා.
ඒක කැඩිල හින්දා අනිත් දෙන්නත් වැඩිය පස්සෙන් ආවෙ නෑ. මුලින් නම් මේලි පොඩ්ඩක් කනුකුනු ගෑවා. මූ මරාගන්න හදලා අඩලා කෝමහරි ඒක අයිති කරගත්තා.
පස්සෙ මම මේකට හොරෙන් මේලිට කිඩ්ස් මේක් අප් සෙට් එකක් ගෙන්නල දුන්නා.. මුට ඇති වැඩකුත් නෑ.. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන්නෙ මේ.. මෙන්න මෙව්වට.
මම බුක්ස් හෝල්සේල් ඕඩර් එකක් දාන්න හොද පොත් ටිකක් සිලෙක්ට් කර කර හිටියෙ. කොල්ලා මේකප් සෙට් එක අරන් ඇවිත් ඇදේ සුදු ඇතිරිලි උඩ දිගඇරගත්තා..
" තාති.. අපි නංකිබබෙක් ගේම්මුකෝ... "
" විනාඩියක් ඉන්න සුද්දා. තාත්ති වැඩක්.. "
" අනේ මත.. නංකිබබෙක් ගේන්නෝන!! " කොල්ලා කන්කෙදිරි ගෑවා.
" අපි ගේමුකෝ.... ගිහින් අක්කිල එක්ක සෙල්ලම් කරන්නකො රත්තරං. "
" ම්ම්... හ්ම්ම්! එයාත අපත්ති බැනලා. පාදම් කලනවා. කෝලෙ චීත.. නැත්තං එයාලත.. බේමැලක් ගෙනත්ලා.. ඉදා ඉදා ඉදා.. කියල.. මේම මේම ගානවලු.. පාදම් කලේ නැත්තං. අපත්තිගෙ තීවී එකේ එයාලගෙ චීත යැයි යැයි යැයි... කියලා.. මොනවද කියනවා.. "
" ඔයත් පොතක් අරන් පාඩම් කරොත් මොකද? පොතක් අතින් අල්ලන්නෑ.... අප්පච්චි සින්දු පොත් දෙකක් ගෙනත් දුන්නා. කලරින් බුක්ස් පහක් ගෙනාවා... කතන්දර පොත් පහක් ගෙනාවා.. එකක් වත් අතින් අල්ලන්න උවමනාවක් නෑ නේ?! "" තොප් කියවන්නෙ සෑතනෙ! දැන් මත නංකිබබෙක් ගේන්නෝන.. මත නංකිබබෙක් ගේන්නෝන! "
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...