මං දෙව්දුන් අයියගෙන් ඈත් වෙලා ඇස්දෙක පිහදගත්තෙ පොඩි එකා අඩන සද්දෙ ඇහිල...
" තාත්ති.... තාත්ති.. "
මං කාමරේට යනකොටත් දරුවා ඇදෙන් බැහැල එන ගමන්. පව් රත්තරං කොල්ලා, බය වෙන්න ඇති මං කාමරේ නැතිකොට... එන්නම නැතුව ඇති කියලා..
මං ඇගේ අමාරුව පැත්තක දාල දරුවා වඩාගත්තා. " ඇයි රත්තරං? "
" තාත්ති නපුලු මාමලා.. "
" නපුරු මාමලා සුප'ර්මෑන් මාමා ඇවිදිල්ලා ඈතට විසිකරානෙ සුදුමාත්තයා... " මම ඉදිමිලා තිබ්බ කම්මුල අතගාන ගමන් කොල්ලගෙ ඔලුව ඉම්බා. ඕඩිකොලොන් සුවද එක්ක අහිංසකකම මුහු වෙලා එන මගෙ රත්තරංගෙ කැරලි කොන්ඩෙ.. මට මුගෙ ආදරේ හිතෙන්නැති දෙයක් නෑ.
" දැන් නපුරු මාමලා නෑ.. මගෙ චූටි මොනර පැටියට ගහන්න.. "
" එයාත තුප'මෑන් මාමා?.. "
පොඩි එකා අත දික් කරේ සාලෙ ඉදපු දෙව්දුන් අයියට.
සුප'මෑන් මාමා ඇවිදින් කොල්ලා දිහා ටිකක් බලාගෙන ඉදියා. ඇස්වල හැඟීම් බර ගානක් ඇදිල මැකිලා යනවා මම බලාගෙන.
චූටි එකා මගෙන් උදුරගෙන තුරුල් කරගෙන දෙව්දුන් ගිහිල්ලා ඇදෙන් ඉදගත්තා..
කම්මුල් දිග කදුලු කැට කඩාවැටෙද්දි පොඩි එකා දෙව්දුන් අයියගෙ දිහයි මගෙ දිහයි මාරුවෙන් මාරුවට බැලුවෙ අහිංසක පැටියට මාමෙක් අඩනවා දැකල පුදුම හින්දා වෙන්නැති..
ඒ ලොකු සුපර්මෑන් මාමා තියා එයාගෙ චූටි හංස තාත්තිවත් එයා ඉස්සරහ අඩන්නෑ..
මට ඇඩෙන්න ආවෙ දෙව්දුන් අයියා එහෙම අඩනවා බලන් ඉන්න අමාරු හින්දා. ඒත් දරුවා ඉස්සරහ මට අඩන්න බෑ. එයාට මං දුර්වලයි කියල දැනෙන්න අරින්න බෑ. මං මගෙ කොල්ලා ඉස්සරහ අසරණ වුන තරම්..
කොල්ලගෙ මුලු අතම පටලන්න පුළුවන් වුනේ දෙව්දුන් අයියගෙ එක ඇගිල්ලක. කොල්ලා ඒ ඇගිල්ලෙන් ඇදලා.. ඇස්වල තිබ්බ කදුලු පිහදැම්මෙ මුලු අත්ලෙන්ම.
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...