අතට තෙල් අල්ලක් අරගෙන අත් දෙක හොදට එකට අතුල්ලලා, සාලෙ බිම දාපු මෙට්ටෙ උඩ මුනින් දිගාවෙල ඉන්න අවුරුදු 45 ක පිරිමියගෙ කොන්ද මගෙ අවුරුදු 21 ක් වයස අත්වලින් සම්බාහනය කරන්න ගත්තා.
වසන්තෙ අයියා බාස් කෙනෙක්. ඌ හිටියෙ ගෙවල් තුනක් එහයින්. වැඩක් තිබුණ දවසට හැම රෑකම ඌ මගෙ පිළට ගොඩ වුණේ ඇගේපතේ වේදනාව මගෙ අත් දෙකට දීල සල්ලිවලට හිලව් කරන්න.
ඌ එහෙමවත් මගෙ අතේ තව රුපියල් කීයක් හරි තියන එක මට මහ සැනසිල්ලක්. උගෙ දවසෙ පඩියත් රුපියල් තුන්දහක් වෙච්ච කොට.. උගෙන් රුපියල් පන්සීයකට එහා ගන්න මට බැරිකමක් තිබුණා.
ඌ කසාද බැඳල හිටියෙ නෑ. දැන් නං ඒ හැටි පෙනුමක් නොතිබ්බට තරුණ කාලෙ හොද පෙනුමක් තියෙන්න ඇති කියල දැක්ක පමාවට කියන්න පුළුවන්. මට මුලින් හේතුව ප්රශ්නයක් වුනාට... පස්සෙ පස්සෙ තේරුම් ගියෙ අහම්බෙන් ඌ මගෙ ගෙදරට ගොඩවෙච්ච දවසක.
එදා එකපාරට මහ වැස්සක් කඩාගෙන හැලුන රෑක ඌ මගෙ ඉස්තෝප්පුවට ගොඩ වුණේ.. මගෙ වෙන ' කස්ටමර් ' කෙනෙක් සාලෙ වැතිරිල ඉද්දි.
මම ඌ ලඟ දණ ගහගෙන කොන්ද අතගගා හිටියෙ දොර අඩවල් කරගෙන. මේක මහලොකු ගෙයක් නෙවෙයි. ඒ අඩවල් දොරෙන් මුලු සාලෙම පේන තරං. කවුරුත් ඒ වෙලාවෙ ගෙට ගොඩවෙයි කියල නොහිතපු හින්දා වගේම, නන්නාදුනන පිරිමියෙක් එක්ක වහපු දොරක් පිටිපස්සෙ තනිවෙන්න බයක් දැනුන හින්දා මං දොර කවදාවත් හොදට වැහුවෙ නෑ.
දරුවා කාමරේට දාල ලොක් කරල.. යතුර මම විතරක් දන්න තැනක හැංඟුවෙ ඒකයි.. මං මැරුවත් උට අතක් තියන්න බැරි වෙයි.. ඌ කාමරේ නිදි කියල මේ එන පිරිමි කවුරුත් දන්නෙ නෑ. කොල්ලට නින්ද ගියාම උදේ වෙනකල් නැගිටින්නෙ නැති හින්දා.
එන ගොඩක් පිරිමි හිතන්නෙ මං විතරයි ගෙදර ඉන්නෙ කියල. මං එහෙම හිතන්න ඇරල නිකන් ඉන්නවා. ඒක වඩා හොද හින්දා.
එදා වසන්තෙ අයියා අහම්බෙන් වගේ දැක්ක හින්දා මං පොඩ්ඩක් කලබල වුනත්.. මං වැරැද්දක් කර කර නොයිදපු හින්දා.. වසන්තෙ අයියට ගිහින් කතා කරලා ඉදගන්න පුටුවකුත් දීල ආය ඇවිත් කර කර ඉදපු වැඩේ ඉවර කළා.
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...