| 18 |

1K 161 66
                                    



     " හංස.. උබට දෙව්දුන් සර්ගෙ ඔෆිස් එක අස් කරන්න එන්ඩලු අන්න. "


     රවිදුයි මායි හිටියෙ තීන්ත බාල්දි පහළම මහලෙ අහුරන ගමන්.



    කාවිංග සර් කියන්නෙ සුපවයිසර් කෙනෙක්. ඒත් කොයි වෙලෙත් හිටියෙ විහිලුවෙන්ම.. වෙලාවකට මිනිහා සුපවයිසර් කෙනෙක් කියන එකත් අමතක වෙන තරම්.


      දෙව්දුන් අයියා උගෙ ඔලුව බිත්තියෙ නොවද්ද කෑගහල විතරක් නවත්තගන්න විදියත් මට පුදුමයක්.  එච්චර දෙව්දුන් අයියගෙ කේන්ති ඇවිස්සුවා මිනිහා. ඊටපස්සෙ බැනුම් අහ අහත්  ගුලි කාල වගේ හිනාවෙලා ආතල් එකේ හිටියා මිසක් වැඩක් කරන්න උවමනාවක් තිබ්බෙම නෑ.



      මං දෙව්දුන් අයියගෙ ඔෆිස් රූම් එකට යනකොට ඒකෙ කවුරුත් හිටියෙ නෑ. එක අතකට ඒක සහනයක්.


     ආව හැටියෙ මරාගෙන කාවි මාව..



         මම කාමරේ කාපට් අයින් කරලා ටිකක් මොප් කරලා දූවිලි පිහදාල අස් කරන්න ගත්තෙ එක කලකිරීමක් හිතේ තියන්..


       මේ වගේ ඔෆිස් එකක ඒසී එක යට නිදහසේ වාඩිවෙලා කරන්න පුළුවන් ජොබ් එකක් කරන්න ඉදපු මමනෙ මේ.. දූවිලි කාගෙන දූවිලි නාන්නෙ.


      

      දෙව්දුන් අයියා ඒ දවස්වල ඔලුව හිරිවැටෙනකල් ටොකු ඇන ඇන.. පස්සෙ පලු නගිනකල් වේවැල් පාර දිදී මට ඉගැන්නුවෙ මේම වෙන්නද?





       එදා බෝඩිමට ගිහින්.. නාගෙන.. බත් ටිකක් කාල.. හීනියට නැප් එකක් දාල නැගිටලත්.. පොර ගෙනත් තිබ්බ හැලපයක් එක්ක තේ ටිකක් ඒම බඩට හලාගන්නකල් සිදුහත් වෙස් ගත්ත දෙව්දුන් අයියා.. හා දැන් පොත් අරන් මේසෙට වෙමුකො... කියන ගමන් හිමීට හුරතල් වෙස්මූණ ගලවල පැත්තකට විසි කරේ ඇත්ත දේවදත්ත මූණ මං ඉස්සරහ නිර්වස්ත්‍ර කරලයි..

     

කාමරේ මුල්ලෙන් එලියට ගත්තෙ අති නවීන හීනි දිග වේවැලක්..


   පාර තට්ටමේ වදින්න කලින් අහසෙම කිස් කන සද්දෙ කන්වල ඇහෙන්නා ඇහෙන්නා වගේ දැනෙද්දි  මගෙ පස්ස අදටත් දෙදුරුම් කනවා.





දෙව්සකුණ  | MOURNING AVES  | BL |Where stories live. Discover now