පොඩි උන් දෙන්නෙකුයි... අවුරුදු දාසයක දා හතක ගෑණුළමයෙකුයි.. අත්තම්මා කෙනෙකුයි ගේට්ටුවෙන් ඇතුලට එද්දි බබා ඇවිත් මගෙ කකුල පිටිපස්සෙ හැංගිලා.. කලිසම් කකුලෙ එල්ලිලා හොරෙන් බලන් ඉන්න වුණා.
අයියා අත්තම්මා අතේ තිබුන බෑග් එක ගත්තා.. " කෝ වාහනේ? "
" තෙල් ඉවර වෙලා බොහොම අමාරුවෙන් මේ ටිකත් ඇද්දෙ.... කපිල ගියා සෙඩ් එකට.... හරි මහන්සි සුදු පුතේ... "
අයියගෙ අතක එල්ලුනේ චූටි කෙල්ල... මං දැකල සේරම මඟ නැවතුනා. ෆෝන් එක ඔබ ඔබ චුයින්ගම් එකක් හපහපා හිටිය ලොකු ගෑණුළමයා ස්ට්රේට් කොන්ඩෙ අතින් කන පිටිපස්සෙ ගහගන්න ගමන් සේරමල්ලගෙ ඇස් පාරෙන් මං දිහා බැලුවා...
" කවුද අයියා ඒ.. "
" හංස.... " අයියා මං දිහා බලලා හිනාවුණා.. " මගෙ... යාලුවෙක්.. යොවානා "
මගෙ ඇස් බිමට නැඹුරු වුණා. ඊටවඩා දෙයක් මම බලාපොරොත්තු වෙන එක සාධාරණත් නෑ. මේක ලංකාව. දුර ගමනක් ගිහින් ආව පවුලෙ අයට ආහ් මේ මගෙ ජීවිතේට දරුවෙකුත් අරන් ආයෙත් රිංගගත්ත එක්ස්.. කියල පිරිමියෙක්ව හදුන්වල දෙන්න පුළුවන් තත්වයක් මෙහෙ නෑ.. ඒත් පපුවට බර එක අසාධාරණ නෑ ඒ වචනෙ..... යාලුවෙක්.
යොවානා... අයියගෙ අවුරුදු දාසයක් වයස නංගි.... මං ෆොටෝස්වල මේ පවුලම දැකල තිබුණා. ඒ කාලෙ මුං හෙන පුංචියි..
අයියගෙ කරේ එල්ලීගත්ත ගමන් ලු යොවානා නම්... පොඩි දෙන්නගෙ චූටි කාලෙ අයියා වැඩවලට හිරවෙලා.. ගෙදරින් පිට වැඩි කාලයක් ගත කරපු හින්දා ඒ දෙන්නා යොවානා තරම් අයියට සමීප නෑ කියලත් අයියා කිව්වා.. ඒත් අයියගෙ පපුවෙ උන් තුන්දෙනාට තිබුණෙ අප්රමාණ සෙනෙහසක්..
කෙල්ල දැන් ලස්සනයි.... මේකප් තලියක් මූණෙ උලාගෙන නොහිටියනම් හුරතල් පාටකුත් තිබුණා.. ඒත් මං හිනාවුණත් කෙල්ල නෙවෙයි එක පොදක් හිනාවුණේ... අයියගෙම නංගි තමා ඒක..
පොඩි උන් දෙන්නටත් අවුරුදු දොළහක් විතර ඇති... මං දන්න කාලෙ මීටත් ගොඩක් පුංචියි.. හුරතල් බෝල දෙකක්.. මං අස්සෙ ඉදපු හංස තාත්තියා ඇවිස්සුණේ උන් දෙන්නා මගෙ පිටිපස්සෙ හැංගිලා ඉන්න මොනර බෝලෙ දිහා බල බල දාපු සිරික්කියේ හැටියට...
![](https://img.wattpad.com/cover/375105640-288-k995875.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...