" බාබුං තියෙනවා... පාප්පු තියෙනවා.. සැම්මො ඉන්නවා.. මැම්මුං තියෙනවා.. මගෙ පුතා ඔන්න.. තාත්ති අතින් හම්බු කටක් කන්නලු යන්නේ.. "
ගෙදර ආව වෙලේ ඉදලා චූටි එකා බුම්මගෙන ඇදේ වැටිල ඉන්නවා. බය හිතුන හින්දා මම උණත් බැලුවා. උණ නං නෑ.. ඒත් මං වඩාගන්න හැදුවත් අනිත් පැත්ත පෙරලිලා එයාගෙ සෙල්ලං හාවෙක් බදාගෙන බුම්මගත්තා විතරයි..
මං අනපු බත් එක පැත්තක තියලා තනි අතින් දරුවගෙ කම්මුල අතගෑවා..
" අනේ ඇයි මැනික?... "
" ........ " කොල්ලා කතා කරන්නෙත් නෑ මං එක්ක. කාව්යා මිස් කියපු වචන මට මතක් වුණා.
" අලුත් කෝලෙ ආස නැද්ද මගෙ මැනික?.. "
" .... " කෝලෙ මතක් කරා විතරයි කොල්ලා කනු කුනු ගාගෙන අඩන්න ගත්තා. ඔච්චර වෙලා මං ලගට නාව කොල්ලා මගෙ කමිස අතේ එල්ලිලා මගෙ ඔඩොක්කුවට නැගලා පපුවට ගුලි වෙලා හීන් සද්දෙන් අඩන්න වුනා.
" චූටි බබාලා ඉතින්.. කෝලෙ යන්න ඕනනෙ මැනික.. නැත්තං කෝමද ඩොකු වෙලා හොද ඩොක්ට මාමෙක් වෙන්නෙ? "
" ඩොට්ට මාමා වෙන්න මං ආත නෑ.. "
කොල්ලා කීවෙ හරි දුකෙන්..
" එහෙනං පුතා ආස කවුරු වෙන්නද? "
" ආත තාත්තියක් වෙන්න.. "
හරිනෙ.. අප්පා කරපු දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙද මොකීගෙද පුතා කිව්වලුනෙ..
" තාත්තියක් වෙන්න කලින් බබාලට හබුං අරන් දෙන විදියක් හදාගෙන ඉන්න එපැයි මැනික... "
" කඩේ හබුං තියෙනවනෙ තාත්ති.. "
" කඩෙන් නිකන් දෙන්නෑනෙ. සල්ලි තියෙන්න ඕනනෙ.. "
" තාත්තිගෙ තාක්කුවේ කොළපාත සල්ලියක් අරන් ගම්මු.. "
" තාත්තිගෙ සාක්කුවට මැවිල එනවනෙ.. "
" ඔයා සුරංගනා තාත්තියෙක් හින්දා?.. "
" ඔව් නේ.. "
![](https://img.wattpad.com/cover/375105640-288-k50953.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...