" ඇයි දැන්... "
ඩොක්ට'ගෙනුත් අප්පිරිය වෙන්න බැනුම් අහල කාර් එකට ආවම මූත් මට කතා කරන්නැතුව හෝ ගාල රවනවා.
පොඩි උන් වගේ අප්පා මුනුත්.. ඒත් කමන්නෑ, මොනර පැටියා වගේ හුරතල් වෙන්න ගත්තම හිතාංකො දඩාර උස මහත පිරිමියෙක්..
ඒ වුනාට ඒක වෙනම ආතල් එකක්.
ඩොක්ට' පරිස්සම් වෙන්න කියල බනිනකොට මුට මට ගහන්න බැරුව වගේ බලන් ඉදියෙ. මං දැන් දන්නවා දේශනාවක් කට ඇතුලෙ තද කරගෙන ඔය ඉන්නෙ කියන්න.
කමන්නෑ ඔන්නොහෙ දීපං කියල මං කතාව ඇවිස්සුවෙ ඔය පිප්පිල්ල ඉවර වෙන්නෙ මං හා හ්ම් කියල ඔක්කොම අහන් ඉදල එසේය දේවයන් වහන්ස කිව්වම විතරයි කියන්න.
" මගුලෙ තදියමට නටවල... දරුවා අනාත කරපං.. කියල වැඩක් නෑ බං.. උබලට.. "
කියල වැඩක් නෑ කිව්වට නොකිය ඉදීද බලහංකො.. පතරංගෙ වගේ දිගාරින්නෙ..
කොල්ලත් හොදට අයිස්ක්රීම් එකක් කකා පිටිපස්සෙ.. පොඩි උන්ට කියල තියෙන කාර් සීට් එකක් අරන් ඒකෙන් ඉන්දුවෙ මට උකුලෙ තියන් යන්න අමාරු නිසා ලු.
මට අයිස්ක්රීමුත් නෑ... වරදට දඩුවම්..
" හරි අප්පා.. "
" හරි?! හරි.. ඇහුණනෙ ඩොක්ට' කිව්වා?! කකුල ඉන්ෆෙක්ට් වෙලා හරි.. ඔය හදපු එකක් ඇඹරිල හරි ගියාම තව හරි.. බං හංස.. මනුස්සයෙක් වුනාම ඩිංග එහෙමෙහෙ වෙද්දි රෙද්ද කරට අරන් දුවන්න නෙවෙයි ඕන. ටිකක් කල්පනා කරහං. දරුවා අරන් බෑග් අරන් එහෙ මෙහෙ දුවන්න නෙවෙයි.. දවසට විනාඩි දහයකට වඩා ඇවිදින්න එපා කියලනෙ ඩොක්ට'ස්ල කිව්වෙ.. ටිකක් ඉවසල ඉන්න බැරි වුනා. මං ඔය විගඟුල එහෙ මෙහෙ එනකල් ඉදල ගේ ලගට හරි එනවා තමුසෙ ඉන්න බෑ අයියෙ මෙහෙ මාව එක්ක යන්න කියල එක මැසේජ් එකක්.. අඩුම එක මැසේජ් එකක් එවල තියපිය. නෑ.. පුදුම තදියමක් තියෙන්නෙ. දැන් විදෝපිය... බලහන් රෑ වෙද්දි ඕව ඉන්න හිටින්න බැරි වෙනකල් කැක්කුම අල්ලන්න ගත්තෙ නැත්තං.. අර දැනටත් ඉදිමිල කලින් තිබ්බට වඩා. ඇයි බං හංස මෙහෙම කරන්නෙ?! තමන්ටවත් ආදරේ නැද්ද? ඇයි වද දීගන්නෙ?! "
![](https://img.wattpad.com/cover/375105640-288-k50953.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...