| 26 |

959 134 79
                                    



      " ආහ්... යසයි..! " මං කෑගහපු පාර පොඩි එකා ගැස්සිල ගියෙ කර කර ඉදියෙ වැරැද්දක් බව දන්න හින්දා..



    මං ගෙට ගියෙ බීම වීදුරු තුනක් හදාගෙන එන්න.. අයියා බිම තියන ලිලී පොන්ඩ් එකක් ගෙනැල්ලා නෙලුම් පැලේ හිටවන්න ඒකට පස් දාන ගමන් හිටියෙ..




පොඩි ඇටයත් ඒ අස්සෙම කැරකි කැරකි හිටියා.. මම කුස්සියට යද්දි කියලම ගියෙ.. පස් අල්ලන්න එහෙම එපා කියල..



  ඒ වුනාට මූ මගෙ පැටියා කියල මං මතක තියන් ඉන්න තිබුනා.


      මං ගියෙ විනාඩි පහකට.. ඒ ටිකට මූ ටැප් එකක් ඇරල අයියා ගෙනාපු බාජනේකට වතුරයි පසුයි දාල අතින් අනනව හෝ ගාල..




    මේ වෙලාවට තමා මට...



    ටිකක් කෝප්ප කොළවලට බෙදලත් එක්ක.. මිදුලෙ තිබ්බ මල් කඩලා.. මැටි ගොඩ සරසනවා. මූණෙ කොන්ඩෙ පස්සෙ හැමතැනම එකයි මඩ..!



     " නාවල අත ගත්තා විතරයි නේද දෙයියනේ..?! "


       " හා හා ඉතින්.. " අයියා මැදින් පැන්නෙ මං කොල්ලට කෑගහද්දි කොල්ලා අඩන්න වගේ කට ඇද කරගන්නවා දැකල.. " පොඩි එකානෙ සුදූ.. කෑගහන්න එපා කොල්ලට. "




    " බලන්නකො අයියෙ.. ආය නාවන්න හොදත් නෑ උදේ හෙම්බිරිසාව වගේ ආව හින්දනෙ ඔයාට කිව්වෙ අතපය යන්තම් සෝදල ගේන්න කියල.. "




       පොඩි එකා මඩ අතින්ම කොන්දෙ මදුරුවෙක් කාල කහන්න වුණා... ඒ ගමන් මූණ ටික ටික ඇදවෙද්දි මම දන්නවා.. ඔය අඩන්න තමා...



   මට දුකත් හිතුන..



      " පොඩි දරුවො එහෙම තමා හංස.. දැන් ඔයා ඔහොමම ලොකු වුනාද? ළමයි උනාම මඩ ටිකක් අනල මලක් කොළයක් අතගාල කෝම්පිට්ටුවක් උයාගෙන ඒ ළමාකම විඳින්නෝන. ඔයා කියන්නෙ මේ දරුවටත් අනිත් ළමයි වගේ ෆෝන් එකෙයි ටීවී එකෙයි ඉල්ලිලම ඉන්න කියලද? ඔන්න ඔය ඇගිලි හිරිය යන්නවත් මඩ ටිකක් මිරිකපුවාවෙ..  "




   " හරි ඒයි... ඒක නෙවෙයි නෙ මං කියන්නෙ... අසනීප වෙයි කියලනෙ..."


දෙව්සකුණ  | MOURNING AVES  | BL |Where stories live. Discover now