"ලොකු පුතේ?? ඔය ලමයි පොඩ්ඩක් ඉක්මණ් කරා නම්..මේ ලමයි ටික දැන් සෑහෙන්න වෙලාවක් වෙනවා ඇවිත්-"
"එනවා එනවා විනාඩියක් දෙන්න!!" මම සපත්තු දෙක දාලා ඉවර වෙලා බෑග් එක කරේ එල්ලගත්තෙ අනිත් පැත්තට ඇද උඩ ඉදගෙන දාගෙන අතේ බැන්ඩේජ් එක ඔතන තනුජයාගෙ බෑග් එකත් අතට ගන්න ගමන්.
"උබ හෙමීට වරෙන් මම ලන්ච් බොක්ස් ටික දාගන්න යන්නම්." තනුජයා කටත් උල් කරන් ඔලුව වැනුවාම මම ලාවට හිනා වෙලා විගහට කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළගාවට දුවගෙන ගියේ දැන් විනාඩි පහළොවක් තිස්සෙ අරුන් දෙන්නා පහළට වෙලා අපි දෙන්නා එනකන් හිටපු නිසා..අරුන් දෙන්නා කිව්වෙ ඔය ඇවිත් ඉන්නෙ ශවිරුවායි සාහිල් අයියයි. ඒ අස්සෙ මටයි තනුජයාටයි රෑ ගෙම්බා පොළේ ගහලා වගේ නින්දත් ගියා හුත්ත! ඇයි ඉතින් මට පාන්දර තුන හමාර විතර වෙනකන් ගමිදුවා තනුජයාව හොස්පිට්ල් ගිහින් අතට බෙහෙත් දම්මලා එනකන් ඇහැරන් ඉන්න වුනානේ. පව් ඌටත් නින්දක් නෑ. අනික අද කෙම් පේපර් එක. හොඳ වෙලාවට ලියන අත තුවාල වුන්නැත්තෙ. නැත්තන් එක්සෑම් එක ලියලත් ඉවරයි මිනිහා. ඊයේ රෑත් ඩයල් එක අත රිදෙනවට අත අල්ලගෙන නිදා ගත්තෙ.
පඩිපෙළ බහින තැන උඩට එනගමන් හිටපු ටෙසාගෙ හොම්බටත් ඇගිල්ලෙන් පාරක් ඇනලා මම පඩිපෙළ බහින්න ගත්තත් හරි ඒ එක්කම මගේ ඇහි බැම ඇකිළුණේ ලිවින් ඒරියා එකෙන් අහුණු අමුතු බේස් කටහඬවල් තුන හතර නිසා..එච්චර කවුද? ශවිරුවායි සාහිල් අයියයි විතරනේ මාව ගන්න එනවා කිව්වෙ..මන් ඒක නිසා අඩියට දෙකට පඩිපෙළ බැහැලා දුවගෙන ඇවිත් ලිවින් ඒරියා එකට හොම්බ දැම්මා.
"ආ මරු ටර්ම් ටෙස්ට් ලියන්න ඉන්න එවුන් නැගිටින වෙලාව." ලිවින් ඒරියා එකේ සෝෆා වල දිගෑදිලා ඉන්න කට්ටියව දැකලා මගේ හුස්ම හිර වුන්නෑ කිව්වොත් බොරු. මොකද මන් කීයටවත් ආර්යන් අයියා ඉදීවි කියලා හිතුවෙ නෑ.
විදේශ් අයියයි ශවිරු අයියයි සාහිල් අයියයි තුන් කට්ටුව එක පැත්තක වාඩි වෙලා ඉන්දැද්දි ආර්යන් අයියා විතරක් අනිත් පැත්තේ තිබුණු තනි සෝෆා එකේ හොඳට කකුළ් දෙකත් පළල් කරගෙන සෝෆා එකේ හේත්තු වෙන කෑල්ලට ඔලුව තියන් ඇස් දෙක වහන් ඉන්නවා දැකලා මගේ පපුවත් ලාවට ගැහෙන්න ගත්තා..ඊට පස්සෙ මම ආපු ගමන්ම ශවිරු අයියා කියපු දේ නිසා ආර්යන් අයියා ඒ හිටපු විදිහටම ඉදලා එකපාරටම ඇස් ඇරියාම මන් ටක්ගාලා වෙනාතක් බලා ගත්තේ එයා හෙමින් සැරේ එයාගෙ ඔලුව මන් උන්නු පැත්තට හරවනවා දැක්ක නිසා.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...