09

9.8K 911 278
                                    

"ඕ කියන්න තාත්තේ?"

"නන්ගි තව පැය පහකින් බහින්න ඉන්නෙ."

"ඕ..මම චෙක් කලා. දැන් මේ තනුජත් එක්ක ටවුන් යන්න ඉන්නෙ."

"ඇයි නිශල්ක පුතාලා? ආ..මැචස් නිසා වලි නෙහ්?" මම ඇස් දෙක රෝල් කරලා කනේ තිබ්බ ෆෝන් එක මගේ මූණ ඉස්සරහට අරන් තාත්තගෙ කෝලර් අයි ඩී එක දිහා බැලුවා.

"කියවන් එන්න එපා තාත්තෙ මම ෆෝන් එක තියනවා හොදේ!"

"හපෝ හරි හරි..අනේ උබලගෙත් සීනි බෝල ආතල්- මේ ඒක නෙමේ නන්ගිට ෂැම්පෝ අනංමනං ගිහින් ගන්න ටවුන් එකෙන්."

"හරි හරි වදේ! ඒකට තමයි යන්නෙ..මම තියනවා හොදේ!"

"මොකද මොකද උබේ හදිස්සිය?"

"මම කොළඹ එද්දිවත් ඔහොම නෑ. නංගිට තමයි-"එතකොටම මන් බලන් ඉද්දි තාත්තා කෝල් එක කට් කරා. හ්ම්ම්..දැට්ස් වට් අයිම් ටෝකින් අබවුට් මහේන් බ්‍රදර්.

මට හිනා ගියා..මායි නන්ගියි වලි දාගත්තම තාත්තා ඉතින් ලෝකෙන්ම ලෙෆ්ට්. මම බයික් එකට යතුර ගහලා බයික් එක ස්ටාර්ට් කලා. දැන් ගිහින් තනුජව ගන්න යන්න ඕන..

"ඒ බන් අර රෙස්ටුවරන්ට් එකට යමු?" මම ඔලුව වැනුවා. නන්ගිට ඕන කරන බඩු ගන්න කලින් අපි දෙන්නා කන්න හිතුවා.

"මොනාද කන්නෙ?" මම තනුජ දිහා බැලුවා.

"රයිස් හොඳයිනෙ?" තනුජ හා කිව්වට පස්සෙ මම එතන කැශියර් අයියා දිහා බලලා කෑම එක ඕඩර් කරන්න යද්දිම මගේ මූණ ලගින් කාඩ් එකක් එක්ක අතක් ආවා.

"රයිස් හතරක් දාන්න ඇන්ඩ් මේ දෙන්නගෙ බිල් එකත් මේකටම දාන්න"

මම කෙලින්ම බැලුවෙ මගේ එහා පැත්තෙ ඉන්න කෙනා දිහා. වෙන කවුද ඉතින් අර ආර්යන් කාරයා මිසක්. මම ඌ දිහා බලන් ඉන්නවා කියලා දැනුනු නිසා ඌ මන් දිහා බලලා ඔලුව යාන්තමින් හොලවලා ආයෙම ඇස් වලින් ඉස්සරහ පෙන්නුවම මම කරේ උගේ අත මගේ මූණ ඉස්සරහින් අයින් කරපු එක.

"රයිස් දෙකක් අයියෙ..මම පේ කරන්නෙ." පස්සෙ ඒ අයියා මන් දිහායි මගේ එහා පැත්තටයි ඇස් ගෙනිච්චා. මොකද දැන් මෙතන් කාඩ්ස් දෙකක් ඌ ඉස්සරහ තියෙන නිසා පොර කන්ෆියුස්ඩ් වෙලා.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now