"මතකනෙ මම කිව්ව දේවල්? හෙට වෙලාවට ආවෙ නැත්තන් බලා ගන්න පුලුවන් තොපි බිග් මැච් එකට සෙල්ලම් කරන විදිහ..!"
අපි හැමෝම නෙට් එක ගාව වාඩි වෙලා හිටියේ කෝච් කතා කරනකල්..හෙට අපේ බිග් මැච් සීසන් එක ඔෆිෂියලි පටන් ගන්න දවස.. පටන් ගන්නවා කිව්වෙ ඉතින් හෙට තමයි බිග් මැච් එකේ ශීල්ඩ් එක ගෙනත් රටටම පේන්න මීඩියා එකෙන් කවර් කරන්නෙ. ඊටපස්සෙ ඉතින් එක දිගට මැච් සෙශන් එකක් සතියක් පුරා ගෙනිහින් මාසෙ අග වගේ වෙද්දි අපේ පැරඩ් එක යනවා.. ඒකත් ඉවර වෙලා අපේ මැච් එකේ ටිකට්ස් උයි ජර්සියි ලොන්ජ් කරනවා. කෙහොමහරි ඔය මඟුල් සේරම ඉවර වුණාම තමයි බිග් මැච් එක සිරාවටම පටන් ගන්නෙ.. ඉතින් හරියටම බැලුවොත් බිග් මැච් එක පටන් ගන්නෙ හරියටම මාර්තු මැද වගේ. අවුරුද්දෙ මුල ඉදන් බිග් මැච් පටන් ගන්නවා කියන්නෙ අන්න ඒක නිසා. මොකද මේක හෙන දිග සීරීස් එකක්.. හැබැයි රග්බි අතින් ගත්තොත් අපි හොඳයි. බුදු අම්මෝ රග්බි වලට නැත්තෙ අලි පෙරහැර විතරයි මන් හිතන්නෙ..අනිත් සේරම තියෙනවා ඒ රෙද්දට! කොහොමත් ඒ දවස්වලට ඇසළ පෙරහැරත් ගානට සෙට් වෙන නිසා ඉතින් පෙරහැරත් හරි වගේ තමයි.
ක්රිකට් ගත්තොත් අපේ ඉස්කෝලේ ඒකට වැඩිය ෆේමස් නැති වුණත් ගිය අවුරුදු දෙකේ තිබ්බ බිග් මැච් දෙකෙන් අපිට මාර හයිලයිට් එකක් ආවා..ඒ නිසා තමයි මේ පාර කොන්ෆරන්ස් එක හෙන ලොකුවට මීඩියා එක අදින්න හදන්නෙ.. කොහොමත් මේකෙන් පස්සෙ අපිට ආයෙ කිසිම ඉවෙන්ට් එකක් කියලා මහා ලොකු දෙයක් නෑ..ආයෙම ඉතින් ලබන අවුරුද්දෙ තමයි. ඒකත් මගේ අන්තිම බිග් මැච් එක..ශිවිරුවා ගත්තොත් අයියාගෙ අන්තිම බිග් මැච් එක. ඒක මතක් වෙද්දිත් මට හෙන පට්ටම අවුල්.. මොකද අපේ මුලු ඉස්කෝල ජීවිතේම ගත්තොත් ක්රිකට් කියන්නෙ අපි අපේ හුස්ම ටික පවා දුන්නු තැන. එකට පිස්සු නටපුවා නම් කොච්චරද? මන් ආයෙම කොච්ගෙ කතාවට ඇහුම්කන් දුන්නෙ නැත්තන් මේක මතක් කර කර ඉදලා මගේ මූඩ් එක හෙනටම යයි කියන බයේ..
"දැන් කොහොමද තමුසෙලාගෙ ලකුණු..?" අනේ හුත්ත.. දැන්ම ඕකක් අහන්න ඕන වුණාද මේ යකාට..! හේමාල් සර් අපිට අවුරුදු කීපෙකින් වැඩිමල් වුණත් පොර හරියට අපේ තාත්තෙක් වගේ..මාර විදිහට අපි ගැන හොයලා බලනවා. ඒත් යකෝ මන් අහන්නෙ- ආ දැන් තවත් ශෝක්..! අර රග්බි එවුනුත් ප්රැක්ටිස් ඉවර වෙලා මේක අස්සට වැදෙනවා.. සඳැස් අයියලා වතුර බිබී මේ පැත්තට එනවා දැකලා මන් ටක්ගාලා ඉස්සරහා බලා ගත්තා.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...