23

9.8K 853 292
                                    

"ඒ ගැන කතා කරන්න කැමතිද?" නිශල්කයා වේගෙන් ඔලුව වැනුවම මම ලාවට හිනා වුණා..මොකද නිශල්කයගෙ මේ සයිඩ් එක මට අලුත් දෙයක්.

"හ්ම්..කතා කරන්න ඕන බන්. ඒත් මෙහෙම බෑ. අනික දැන් ඒක මෙහෙමයි..." මම නිශල්ක දිහා දිගටම බලන් හිටියේ එයාට ඉතුරු ටිකත් කරතා කරන්න දීලා.

"මන් අරයා එක්ක යාලු වුණා බන්." හිනාව කටින් පනින් ගියපු නිසා මම තදින් දොල් දෙක තද කරන් අහක බලා ගත්තේ දැන් මෙතන හිනා වුණොත් සඳැස් අයියා කෙසේ වෙතත් තිශාක්‍ය ලෙෆ්ට් ද චැට් වෙන නිසා..දරාගන්න බෑ උට්ටෝ මේවා!

"ඔය ඉතින් බෑ නෙ උබලා එක්ක!!"

"ආ හරි හරි..කියහන්කො ඉතින්. මන් හිනා වෙන්නෑ."

"මොනා කියන්නද ඉතින්..මන් ඒක නැවැත්තුවා." මම ඒ පාර කටත් ඇරන් නිශල්ක දිහා බැලුවෙ උබට පිස්සුද වගේ ලුක් එකක් දෙන ගමන්.

"මොකක්? ඒ ඇයි..?"

"හරියන්නෑ බන්." නිශල්ක උරහිස් දෙක උස්සන ගමන් අහක බලා ගත්තම මම ඇහි බැම දෙක අකුළ ගත්තා.

"ඇයි ඉතින් එහෙම කියන්නෙ? හේතුවක් තියෙන්න එපැයි."

"හරියන්නෑ කියන්නෙ ඉතින්..එයයි මායි පට්ට වෙනස් ඕයි. වෙනස් කියන්නෙ..හැම අතින්ම..!" ඇස් දෙක රෝල් කරන ගමන් මාත් මගේ පිටිපස්සෙ තියෙන පොත් රාක්කෙන් ඔලුව තියාගත්තා.

"දැන් උබ ආස උබ වගේම ඩයල් එකක් ඩේට් කරන්නද?" ඒ පාර නිශල්ක මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම අහක බලා ගත්තේ නළලත් රැලිකරගන්න ගමන්. මේක මහා පුදුම කෝළමක් වුණානෙ.

"මන් දන්නෑ බන්..මට තේරෙන්නෑ."

"හරි හරි දැන් ඔය විකාර වලින් වැඩක් නෑ..උබ දැන් හොඳ එකා වගේ මන් මේ කියන දේ අහපන් හරිද! මන් දන්නෑ උබලා දෙන්නා අතර මොන මඟුලක් වුණාද කියලා..ඒත් උබ ඕක ඔය නවත්තලා තියෙන්නෙ අවුල්ම වෙලාවක බන්..මොකද අරුන් ටික දැන් හරියට පිස්සො ටිකක් වගේ..මුලු ඉස්කෝලෙම උන්ව මේ දෙවිවරු ටිකක් වගේ ඇදහුවට උනුත් අපි වගේ කොල්ලො ටිකක්නෙ..උන් චරිත තමයි..මන් නෑ කියන්නෑ..ඒත් උන් හතර දෙනා අපිට වඩා අවුරද්දකින්නෙ වැඩිමල්..තව මුලු නුවරම බලන් ඉන්නෙ උන් ටික දිහා..එතකොට ස්ට්‍රෙස් නැද්ද බන් ඉතින්? අනික මට කට්ටියගෙ කටහඬවල් වල තියෙන මහන්සි පාටයි ගොරෑඬිකමයි හොඳට කියන්න පුලුවන් අහන් ඉද්දි..ඊටවඩා දැන් ටිකකට කලින් මට සඳැස් අයියගෙ කටහඬ ඇහුණේ නිකන් වෙව්ලනවා වගේ."

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now