කටුකොළේ හදපු ගාණ තුන් වැනි පාරටත් වැරදුණු තැන මන් ඒෆෝ කෝළේ තරහට පොඩි කරලා දාලා පැත්තකට විසි කලේ මේසෙ උඩින් ඔලුව ගහා ගන්න ගමන්.
"මොන රෙද්දක්ද!"
මම ඉහළට ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන් ආයෙම පේපර් එක දිහා බලලා ප්‍රශ්නෙ ආයෙම කියවන්න ගත්තා. ඒ එක්කම මම අද සර් මේ වගේ ගාණක් හදද්දි කියලා දුන්නු ක්‍රමේ මගේ හිතේ පැත්තකට කරන් තියාගත්තෙ වේගෙන් මගේ කටුසටහන ඒෆෝ එකේ ලියාගෙන ලියාගෙන යද්දි....ආහ් හරි! ඇතියාන්තම් ලබ්බ හදා ගත්තා. නැත්තන් මට දැන් උදේ ඉදන් මේක පාඩම් කරලා කරලා වමනෙ යන්න ඔන්න මෙන්න තිබ්බෙ.
කෙමෙස්ට්‍රි නම් සාපයක්!! මම පත ඈනුමක් අරින ගමන් පුටුවේ හාන්සි වෙලා අත් දෙක දෙපැත්තට යවන ගමන් ඉණෙන් ඉස්සුනේ හිරි ඇරගන්න..අත දෙපැත්තට දාලා මම අත් දෙක ඇදෙන තරමට ඇද්දෙ ඒ ගමන්ම මගේ උරහිසේ ඇට දෙක තුනක් ටකස් ටකස් ගාලා කැඩීගෙන කැඩීගෙන යද්දි..අපිට සඳුදා ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. ඒකත් කෙමෙස්ට්‍රි මුලින්ම..එතකොට ආර්යන් අයියලාට ඊයේ කෙමෙස්ට්‍රි වලින් එක්සෑම් පටන් ගත්තා. එයාලට ඉතින් ගෙවල් වලට වෙලා පාඩම් කරන්න බෑ නෙ..සෙට් එකම ඒ නිසා අද ඉස්කෝලෙට වෙලා තමයි පාඩම් කරලා තියෙන්නෙ. මටත් පෙරේදා අයියා කෝල් කරලා කිව්වා බොරුවට ඉස්කෝලෙ එන්නෙපා ගෙදරට වෙලා පාඩම් කරන්න කියලා..අනික මට මැචස් නිසා ගොඩක් දේවල් මඟෑරුණනෙ..ඉතින් ඒ නිසා මන් ඊයෙයි අදයි ගෙදරට වෙලා කරේ පාඩම් කර කර එකේක ඉස්කෝල වල කෙමෙස්ට්‍රි ෆස්ට් ටර්ම් ටෙස්ට් පාස්ට් පේපර්ස් හොයන් ප්‍රශ්නයි MCQ කරපු එක.
හම්මෝ මහන්සියි! මන් ඕලෙවල් අන්තිම මාස හතරට කලින් පාඩම් කරාට පස්සෙ මෙහෙම පාඩම් කරාමයි..ඒකත් පැය දාසයක් එක දිගට. ඊයේනම් මට කරන්න පුලුවන් වුණේ එක දිගට පැය හතයි..කොහොමත් නොකරම ඉදලා එහෙම එකපාරටම කරන්න ගත්තම කරන්න අමාරුයි..අද වුණත් මන් මේ පැය දාසය කරේ විනාඩි දහයේ බ්‍රේක්ස් සැරින් සැරේ ගන්න ගමන්..ඒත් දැන් මෙහෙම ටාගට් කරපු පාඩම් ගාණ කවර් කරාට පස්සෙ මට දැණුනේ පට්ටම සැටිස්ෆැක්ශන් එකක්. මොකද මම ඒ කරපු හැම පාඩමක්ම කවර් වෙන්න මන් ගාව තිබ්බ හැම ෆස්ට් ටර්ම් ටෙස්ට් පාස්ට් පේපර් එකක්ම අරන් ඒ පාඩමට අදාල ප්‍රශ්න හොය හොය කරලා දැම්මා. දැන්නම් පැය බාගෙක බ්‍රේක් එකක් අරන් මොනා හරි බඩට දාගෙන ඒ ගමන්ම මොකක් හරි ටී වී සීරීස් එකක් බලන්න ඕනෙ.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...