22

9.6K 855 238
                                    

"අ..ආර්යන්-" ඒ එක්කම මට කට්ටියක් පඩිපෙළ දිගේ උඩට මහ සද්දෙන් කියව කියව එනවා ඇහුණ නිසා මන් ආර්යන් අයියගෙ බෙල්ල වටේට ටයි එක දාලා ටක්ගාලා ගැටේ ගහලා දාලා එයාගෙ උරහිසට තට්ටු කරේ එයත් ඉන්න තැනින් නැගිටිද්දි..මේ මනුස්සයා දැන් ටිකකට කලින් මන් ඉස්සරහ දණ ගහපු එක- නෑ නෑ ඒක දැන් වැඩක් නෑ! මාත් ටක්ගාලා පුටුවෙන් නැගිට්ටෙ මීටින් රූම් එකෙන් එළියට එන්න..

"මේක ඔයා ගාව තියා ගන්නවද?" මම ඔලුව වනලා බ්ලේසර් එකත් අරන් මීටින් රූම් එකෙන් එළියට ඇවිත් පඩිපෙළ නැගගෙන උඩට එන මල්ලිලා දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

"අයියෙ අපිට මෙතන ඉන්න පුලුවන්ද?" මම උරහිස් දෙක උස්සලා උන්ව පහු කරගෙන පඬිපෙළ බැස්සා. අපිත් ඔය වයස පහු කරා මල්ලි..

"මීටින් රූම් එකේ ආර්යන් අයියා ඉන්නවා."

"හම්මට- අඩෝ! අයියේ තෑන්ක්ස්!" පිටිපස්ස නොබලම මම ආපහු මගේ හවුස් රූම් එකට ආවම තනුජයා මට ස්කොඩ් එකේ මල්ලි කෙනෙක්ගෙ යුනිෆෝර්ම් එකේ ඇප්ලට්ස් ගහන ගමන් අතක් වනලා කතා කරාම මමත් එතනට ගියා.

"ඒ අර මල්ලිගෙත් යුනෆෝර්ම් එකට මේවා ගහපන්." මම බ්ලේසර් එක පුටුවක් උඩින් තියලා තාම ඇප්ලට්ස් දාපු නැති මල්ලිලා අයියලාගෙ යුනිෆෝර්ම් එකේ උරහිස දෙපැත්ත උඩ හිටින විදිහට කොළයි කහයි පාටින් නයෙක්ගෙ ඩිසයින් එකේ තිබ්බ ඇප්ලට්ස් දෙක තියලා තද කරා.

"තෑන්ක්ස් මචන්!"

"හොඳට කරපන්."

විනාඩි විස්සකට කලින් ස්පෝට්ස් මීට් එක පටන් ගත්තත් අපි කට්ටියම හවුස් රූම් එකේ හිර වෙලා හිටියේ..මොකද දැන් පටන් ගන්න ටීම් ඉවෙන්ට්ස් රිලේස් එක්ක ඒ මල්ලිලාවයි අයියලාවයි ලෑස්ති කරන්න වුණේ අපිට..අන්තිමට හෙන වෙලාවක් අමු දාඩියේ මේ කට්ටියව ලෑස්ති කරලා මායි තනුජයි කෙලින්ම හවුස් රූම් එකෙන් එළියට පැනගත්තෙ අමතක නොකර ආර්යන් අයියාගෙ බ්ලේසර් එකත් අතට අරගෙන..

ස්පෝට්ස් කම්පෙක්ස් එකෙන් එළියට ආපු ගමන් අපි අර මාස් ටෙන්ට් එක අස්සෙන් අනිත් පැත්තට යද්දි මන් දැක්කා ඇමතිලා තුන් හතරදෙනෙකුයි ෆේමස් ආටිස්ට්ස්ලා වගේකුත් ටෙන්ට් එක ඇතුලේ වාඩි වෙලා ඉන්නවා..ඔය එක්කම මගේ ඇස් දෙක ගියේ අත දික් කර කර ශවිරු අයියාගෙ තාත්තා එක්ක කතා කරන පිනා දිහාවට..ඒ පාර අත් දෙකම දික් කරනවා. ඔහොම්මම කකුළකුත් දාපන් සර්..මම ඒ එක්කම පිනාගෙ එහා පැත්තෙ අත් දෙකත් පිටිපස්සට බැඳන් හිටගෙන හිටපු ආර්යන් අයියා දිහා බැලුවා..ඔය ඉන්නෙ ගැම්මට..දැන්නම් සිරාවටම ඌ අටපට්ටමක් වගේ..මූණ පෙනුනෙ නැති වුණත් මට කියතෑකි පොරගෙ විදිහට මූණේ හිනා පොදක් තියා කිසිම හැගීමක්වත් දැන් මූණේ නෑ කියලා..ඒත් වැඩේ තියෙන්නෙ මූ ඉන්න විදිහට පට්ට ගැම්මක් එන එකනෙ..හරියට...හරියට අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා කට ඇරලා ගැම්මෙන් කියන්න පුලුවන් හැගීමක්.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now