39

12.6K 891 605
                                    

"ඕයි ශාක්‍ය! නැගිටපන්!" අහ්හ් මොන මඟුලක්ද..නිදා ගන්න දෙන්නැ රෙද්ද-

"ඕයි නැගිටපන් පකයෝ අපි ඇවිත් ඉන්නෙ!" මම ලාවට ඇස් දෙක ඇරියා..

"ම්හ්..මේ කොහෙද?"

"ශවිරුගෙ බඩ ඇතුලේ- නැගිටලා වරෙන් මගෙන් අහගන්නෙ නැතුව." නිශල්ක මගේ කම්මුළ් දෙක දෙපැත්තට තඩි බාලා වෑන් එකෙන් බැහැලා යන්න ගියාම මමත් මගේ බෙල්ලට දාලා තිබ්බ නෙක් රෙස්ට් එක ගලවලා දාලා සීට් එකේ කෙලින් වුණා..දැන් වෙලාව කීයද? මම මුලු වෑන් එක දිහාම බලලා ඉවර වෙලා මගේ වොච් එක දිහා බැලුවා.

අහ් දෙකයි අටයි. මන් වෑන් එකෙන් බැහැලා දොර වැහුවේ වටපිට බලන ගමන්.. අපි අද මැච් එක දින්න එකට ටීම් එකත් එක්කම උදෙන්ම කන්න ගිහින් මෙහෙ ආවෙ ආයෙම හෙට රෑට ඕල්ඩ් බෝයිස්ලාගෙන් දෙන පාටි එකකුත් තියාගෙන..එතකොට හෙට මෙහෙන් ඇවිත් කෙලින්ම ඒකටත් යන්න ඕනෙ. දැන් අපි මේ ඇවිත් ඉන්නෙ හේශිත්ගෙ තාත්තාට අයිති ගාල්ලේ ලස්සන විලා එකකට..මම ශෝට් එකේ ඉස්සරහ පොකට් එකට අත දාලා මගේ ෆෝන් එක අතට ගත්තා..ලොක් ස්ක්‍රීන් එක දිහා බැලුවත් ඇති මට දැන්. ඒ තරම් මැසේජස් ගොඩක්...මම ලොක් ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නොටිෆිකේශනුත් බල බල එහෙම්මම විලා එක ඇතුළට යන්න ගත්තා.

කන්ග්‍රෑට්ස්! කන්ග්‍රෑට්ස්! කන්ග්‍රෑට්ස්...මේ වචනේ දැක්කත් ඇති මට දැන් බඩගින්න යන්න. දැන් ඉතින් සතියක් විතර යනකන් මට නින්දෙනුත් මේ වචනෙ කියවෙයි..ඒ එක්කම මම ලොක් ස්ක්‍රීන් එකේ වේගෙන් පහළ ඉදන් උඩට ඇදගෙන ආපු ඇඟිල්ල ටක්ගාලා නවත්ත ගත්තෙ එක නමක් දැකලා. ආර්යන් අයියා..පැයකට කලින් මගෙන් නිදිද කියලා අහලා මැසේජ් එකක් දාලා. මම ඉස්සරහට ඇවිදින ගමන් මූණට ආපු හිනාව නවත්තගන්න කියලා මගේ තොල හපා ගත්තේ එයාගෙන් මෙහෙම නිකන් මැසේජස් මට අද වෙනකන් ඇවිත් තිබ්බෙ නැති නිසයි.

"ඕයි ඕයි ශාක්‍ය දොර! කොහෙද බල්ලෝ යන්නෙ!"

දෙතුන්දෙනෙක්ගෙ කෑ ගැහිල්ලට මන් ටක්ගාලා ඔලුව උස්සලා මගේ ඉස්සරහ තිබ්බ ලොකු වීදුරු දොරට අත තිබ්බෙ මාව ගිහින් ඒකෙ වැදෙන්න කලින්..ශිට් තව ටිකෙන් මූණ ඉවරයි!

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now