04

4.6K 515 129
                                    




"ලොකු...යනවා ගිහින් වොශ් දාගන්නවා පස්සෙ බැරියැ ඔය ඩෝසරේ පුරෝගන්න.." මම කට ඇද කරලා යන්න හැරුණා.

"ඒ ලමයෝ.." කිචන් එකෙන් යන්න හැරුණු මම ආයෙම පිටිපස්ස බැලුවෙ තාත්තා කතා කරපු නිසා. ඒ එක්කම තාත්තා මට යතුරක් වගේ එකක් විසි කරාම මම ඒක ටක් ගාලා අල්ලගත්තා.

"මේ...?" මගේ උගුරෙ කෙල හිර වුනා. මම ආයෙම තාත්තා දිහා බැලුවම දැක්කෙ එයා එයාගෙ ෆෝන් එක දිහා බලාගෙන මොනාද ඔබනවා..ආයෙම මම මගේ අතේ තිබ්බ යතුර දිහා බැලුවා.

"තාත්තෙ මේ..."

"හ්ම්..හෙට මට ඉන්න වෙන්නෙ නැති නිසා මම අදම මේක දීලා යන්න හිතුවා." ෆෝන් එක කිචන් ටේබල් එක උඩ තියලා ෂෝට් එකේ සාක්කු දෙකට අත් දෙක ඔබා ගත්ත තාත්තා ඇස් වලින් ආයෙම මට යතුර පෙන්නුවා.

"ඉපදිලා නැගිටින්නත් කලින්නෙ ඕනෙ ගෑවෙ..කැමතිද ඉතින්?" මම ඇස් දෙකත් ලොකු කරන් තාත්තා දිහා බැලුවා.

"බයික් එක දැන් තියෙනවද?" තාත්තා ලාවට හිනා වෙන ගමන් ඔලුව වැනුවා.

"ගරාජ් එකේ." මම තාත්තා දිහා තප්පර ගාණක් බලන් ඉදියා..

ඒ එක්කම මම අනිත් පැත්ත හැරිලා දුවන් ගියේ කිචන් එකට එන තැන තිබ්බ ලොකු පඩියකුත් තියෙනවා කියන එකත් අමතක කරගෙන...ඊළග අඩිය තියන්න කකුළ උස්සද්දි මම හිටියෙ බිම පඩියත් බදාගෙන..ඒත් මම ආයෙම තප්පර අරික්කාලක්වත් යන්න දෙන්නැතුව වැටිච්ච තැනින් නැගිට්ටෙ ගෙදර මැද්දට වෙන්න උඩටයි යටටයි විහිදිලා තිබ්බ ලොකු පඩිපෙළේ පහළට යන්න තිබ්බ පඩිපෙල අරගෙන වේගෙන් පහළට දුවද්දී..

ගරාජ් එකට ආපු ගමන් මන් දැක්කෙ අපේ ගෙදර තිබ්බ කාර් හතර..කලබලෙන් ඉස්සරහට ඇවිදගෙන යන ගමන් මම දෙපැත්තෙ නවත්තලා තිබ්බ කාර් අතරෙනුත් ඔලුව දදා ගියා..ගෙදර තියෙන්නෙ කාර් හතර වුනාට තාත්තා අන්ඩග්‍රවුන්ඩ් ලොකු ගරාජ් එකක් හැදුවෙ ඉස්සරහට තව කාර්ස් ගේන්න..අපි දෙන්නට තියෙන්නෙ එසේ මෙසේ වාහන පිස්සුවක් නෙවෙයි..තාත්තට ලස්සනයි කියලා හිතුනොත් ඊළග දවසෙ ඒ වාහනේ අපේ ගෙදර..ඒ කොහොම උනත් තාත්තා මෙච්චර කාලෙකට ගෙනාපු වාහන වලින් වැඩිම කාලයක් අපේ ගෙදර තිබ්බ කාර් එක තමයි Ferrari F40 එක. ඒකත් සති තුනයි..ඒ ඇරෙන්න තාත්තා ජීවිතේට කිසිම කෙනෙක්ට අල්ලන්නවත් නොදී තියාගත්ත කාර් එකකුත් තියෙනවා..ඒ තමයි අර කලින් ගෙදරට එද්දි තාත්තා හෝද හෝද තිබ්බ පරණ අවුඩි එක. ඒක අපේ තාත්තා එයාගෙ කම්පැනි එක පටන් ගත්ත පළවෙනි දවසෙ අම්මා එයාට අරන් දුන්න තෑග්ගක්. තාත්තා ඒක බලාගන්නෙ හරියට එයාගෙ පණ වගේ මොකද එයාට අම්මගෙ කියලා තියෙන්නෙ එච්චරයි..ඉතින් ඇත්තටම බැලුවොත් ඒ එයාගෙ පණ තමයි.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now