ගේට් එකෙන් ඇතුල් වෙන ගමන් මන් මම ශේප් එකේ ගාඩ් රූම් එක ගාව තියෙන වොශ්රූම් එකට යනවා වගේ ටක් ගාලා අනිත් පැත්තෙන් පැනලා ග්‍රේඩ් ට්වෙල්ව් තර්ටීන් පැත්තට දිව්වා. උදේ පාන්දර බෑග් චෙක් කරන්න යන්න බෑ අප්පා.
මම අපේ සෙක්ශන් එකේ පඩිපෙළ නගින ගමන් මගේ අත දිහා බැලුවා. මැණික් කටුවන් උඩට වෙන්න තිබ්බ නියපොතු පාර..ඕන කමින් බලන කෙනෙක්ට පේනවා ලාවට රතු පාට වෙලා අතේ ඇගිලි පහ හිටින්න බැහැලා තිබ්බ නියපොතු පාර. මම ලොකු හුස්මක් ගන්න ගමන් අපේ ක්ලාස් එක ඇතුලට ගියා.. මගේ මෙහෙම නම් අරූගෙ කොහොම ඇත්ද? මට හොඳට මතකයි මම අත ඇදලා ගනිද්දි දැක්කා උගේ අතේ සුදු හම එළියට ඇවිත් තියෙනවා. කිව්ව වෙලේ අත ගත්තා නම් ඔච්චර මඟුලක් වෙන්නෙ නෑනෙ.
තාම අරුන් තුන ඇවිත් නෑ..මම බිත්තිය අයිනෙ මේසෙ උඩින් බෑග් එක තියලා ඉදගෙන බෑග් එක උඩින් ඔලුව තියාගත්තා. ඒත් එක්කම මම ඇස් දෙක ඇරලා බැලුවෙ ක්ලාස් එකේ පුටු උලාගෙන යන සද්දෙට.. වට් ද හෙල්? දේශාන්??
මට පුටුවෙන් නැගිටින්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. මගේ බෑග් එකයි මේසෙයි පැත්තකට යද්දි දේශාන් ඇවිත් කෙලින්ම මගේ කොලර් එකෙන් ඇදලා අරන් මාව නැගිට්ටවලා එහා පැත්තෙ තිබ්බ මේසෙට මගේ කට දෙපැත්තෙන් අල්ලලා මගේ මූණ තියලා තද කරා.
"මාව විතරක් බිල්ලට තිබ්බා නේද ම්ම්?"
මම දේශාන්ගෙ අත ඇදලා ගන්න හැදුවත් ඌ මගේ කොලර් එකෙන් අල්ලන් හිටපු අත අරගෙන මගේ අත් දෙක පිටිපස්සට තියලා හිර කරගත්තා.
"දගලන්න එපා ශාක්‍ය කන පලනවා තොගේ!"
"තිශාක්‍ය." දේශාන් මගේ කට තද කරන් ඉද්දි මම අමාරුවෙන් කිව්වා.
"මොකක්?"
"It's Thishakya to you!"
ඒ එක්කම අරූ මගේ කට තවත් මිරිකුවේ මගේ හක්ක පනින්න තරම් රිදෙද්දි.
"කේ සී සී එකේ ෂෝ එකක් දැම්මලු නේ?" දේශාන් මගේ මූණට එබෙද්දි මම අයි රෝල් කරලා අහක බලා ගත්තා.
"ම්ම්?"
"අතෑරපන් බල්ලෝ!" මගේ ඇස් අගින් කදුළු බිංදුවක් ආවේ මේ පාහාරයා මගේ කට තද කරපු විදිහට.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...