විනාඩි ගාණක් විතර ජනේලෙ ගාව ඉදලා කකුළ එල්ලන් ඉදලා ආපු කැක්කුම නිසා මම ආර්යන් අයියගෙ උදව්වෙන් ආයේම ඇදෙන් වාඩි වෙලා කලින් විදිහටම හාන්සිවෙලා ෆෝන් එක ඔබන්න ගත්තා. ඕන වෙලාවට තමයි මට බලන්න ටික්ටොක් එකක්වත් නැත්තෙ..මෙලෝ රහකට නෑ! ෆෝන් එක පැත්තකින් තියලා මම ඇද මිට්ටමට ඔලුව ගහගෙන මගේ ඇඳ ඉස්සරහ තිබ්බ තඩි කවුච් තුනෙන් දොර පැත්තට හරවලා තිබ්බ කවුච් එකේ වාඩි වෙලා ෆෝන් එක දිහා බලන් ඉන්න ආර්යන් අයියා දිහා මන් දිගටම බලන් හිටියා..
දැන් වෙද්දි මගේ එහා පැත්තෙ තිබ්බ ටේබල් ලයිට් එක විතරයි මුලු රූම් එකටම දාලා තිබ්බෙ. ඒක නිසා ෆෝන් එකේ ස්ක්රීන් එකෙන් එන එළියට මට එයාව හොඳටම ක්ලියර් විදිහට පෙනුනා. මොකද කරන්නෙ..කතා කරනවද නැද්ද?? මම ඇස් දෙක වහගත්තා. අච්චර ඉස්කෝලෙදි මරාගෙන දැන් ඇවිත් තියෙන තැන බලහන්කො ඉතින්.. මම ආයෙම ඇස් දෙක ඇරලා ආර්යන් අයියා දිහා ඕනෑ කමින් බැලුවා. සිරාවටම මූටත් ඒ විදිහටම දැනෙනවද?? මන් අහන්නෙ නවය වසරෙ ඉදන් මරාගෙන ඇවිත් මෙහෙම විනාඩි ගාණක්..නෑ පැය බාගයක්!කටවල් පියාගෙ එකම කාමරේක තාම අතපය කඩාගන්නැතුව ඉන්න එක?
ඒක ඔඩ් නැද්ද?? හහ්..! මම ආයෙම ඇස් පියා ගත්තා. ශික්කේ- මට ඒ අස්සෙ..මන් හිතන්නෙ නවය වසරේ අන්තිම වාරෙද කොහෙද..ඔව් ඔව්! කොහොම අමතක වෙන්නද?! මම දවසක් ඉන්ටර්වල් එකේදි මුගේ ඔලුවට ක්ලාස් එකේ කුණු බෑග් එක අතෑරපු එක! දෙවියනේ..හරියටම බැලුවොත් දැන් අපි දෙන්නා මෙහෙම ඉන්න එකත් රෙකෝඩ් එකක්.
අනික අර නිශල්කයත් මාව මෙතන මූ එක්ක දාලා යන්න තරම් උගේ සිහිය තිබ්බෙ කොතනද?? අර්හ්හ්- මම ඇස් දෙක ඇරලා ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා. ෆෝන් එක දිහා බලන් ඉන්න හැටි විතරක්! හරියට පොඩි එකෙක් වගේ.. මූ අර කලින් කැමරා එක බලන් හිටියෙත් මේ විදිහටමද කොහෙද. ඇස් දෙක ටිකක් විතර ලොකු කරගෙන ෆෝන් එක ඇතුළටම එබිලා..හරියට අයිපෑඩ් කිඩ් කෙනෙක් වගේ මට මූව දැන් පේන්නෙ. මම ඇස් දෙක රෝල් කරා. සිරාවටම මේ මගේ අත කඩපු මිනිහමද කියලත් හිතෙනවා..
"දේශාන්ට මොකද වුණේ?" ෆෝන් එක දිහා බලන් හිටපු ආර්යන් අයියා එකපාරටම මන් දිහා බලනවා මට එයාගෙ ෆෝන් එකේ තිබ්බ එළියෙන් පෙනුණම මම පපුවට අත් දෙක තියලා බැදගත්තෙ මගේ හොඳට තියෙන වම් කකුළත් දෙපැත්තට හොලවන ගමන්.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Storie d'amore"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...