"****!! ****!!"
බවුන්ඩ්රි එක ගාවට වෙනකන් ඇවිදගෙන ආපු මම මුලු ස්ටේඩියම් එක පුරාම හෙමිහිට මගේ ඇස් දැක යැව්වෙ හිතට ආපු අමුතුම ගට් ෆීලින් එකට මගේ අතේ තිබුණු ග්ලවුස් දෙක එහෙම්මම මගේ ඇඟිලි අතරට තදින් හිරකරගන්න ගමන්.
අද තමයි දවස.. ඉතිහාස පිට ඉතිහාස ගොඩනැගුණු මේ පිට්ටනියේ තවත් එක ඉතිහාසයක් මතකයන් වල රැඳෙන දවස..හැමදාම මැච් එකකට ස්ටේඩියම් එක ටීම්ස් දෙකකට බෙදිලා යනවා වගේ අදත් මුලු ස්ටෙඩියම් එකම දෙකට බෙදිලා ගිහිනුයි තිබ්බෙ. එකපැත්තක අපේ ඉස්කෝලේ කොඩි හරි හරියට අහස උඩට ඉස්සෙද්දි ***** එකේ කොඩිත් ඒ හා සමානව ඉස්සුණේ දැන්ම තියාම තරඟෙ පටන් අරන් බව අඟවන්න වගේ..ඒ මදිවට කවදාවත් නැතුව ස්ටේඩියම් එකේ ලොකුවට අහස වැහෙන තරමෙ සයිස් එකට හයි කරලා තිබුණු ස්ක්රීන් දෙක නිසා ඉස්කෝල දෙක අතර තිබ්බ ටෙන්ශන් එක තවත් වැඩි වුණේ එක පැත්ත ඉස්කෝලෙක චියර් එක වැඩි වෙද්දි ඒක හෙන ඩ්රමැටික් විදිහට ඒ ස්ක්රීන් වලින් පෙන්නනකොට අනිත් ඉස්කෝලෙට ඒක දරා ගන්න බැරුව ඊට එහා චියර් කරන්න ගත්ත නිසයි.. මම මේ වෙන හැමදෙයක්ම බවුන්ඩ්රි එක ගාව ඉදන් බලන් හිටියේ හරිම දරාගන්න අමාරු හැගීමකින්..මෙතන ඉදන් උගුරු දණ්ඩ කැඩෙනකන් කෑගහන එවුන් තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් ඒ කියන්නෙ අද අපි වෙනුවෙන් මෙහෙම කෑ ගහද්දි මට දැණුනු ඒ හැගීමට මෙච්චර අව්වට දාඩියෙන් පෙගිලා ගිහින් තිබුණු මගේ ස්කූල් ටී ශර්ට් එක අස්සෙන් මගේ කොන්ද දිගේ පුදුම වේගෙකින් සීතල හිරි උඩටයි පහළටයි ඇදුණා.
අද මීඩියා එකේ එවුනුයි අපේ ඉස්කෝලවල් දෙකේ ෆොටෝස් ගහන අයියලා මල්ලිලායි ග්රවුන්ඩ් එක වට කරලයි හිටියේ.. ඒ එක්කම මන් මගේ ඉස්සරහින් ගියපු පපරේ එකේ දෙන්නෙක් එක්ක ලාවට හිනා වෙලා මගේ ඔලුවෙ තිබ්බ කැප් එක ඇස් දෙක වැහෙන විදිහට හදාගෙන කරබාගත්තෙ මම ෆොටෝ එකකට ඉන්න රෙඩි නෑ කියලා එයාලාට හින්ට් කරන ගමන්.. කොහොම හරි ඒ දෙන්නා එහා ටෙන්ට් එකට යනකන් ඉදලා මන් ආයෙම ග්රවුන්ඩ් එක දිහා බැලුවා.. දැනටම අම්පයර්ස්ලා දෙන්නා තව තුන් හතර දෙනෙක් එක්කලා ග්රවුන්ඩ් එක මැදට වෙලා අපේ ඉස්කෝල දෙකේ කොචර්ස්ලා දෙන්නත් එක්ක බර කතාවක.. මම ඒ ගමන්ම මගේ ඔලුවෙ තිබ්බ කැප් එක ගලවලා ආයෙම ග්රවුන්ඩ් එක දිහා බැලුවේ ග්රවුන්ඩ් එකෙන් ආපු වේලිලා ගිය පස් සුවඳ ඉහළට ඇදලා ගන්න ගමන්.. ගොඩක් අයට ඒක කර්කශ සුවඳක් වගේ දැනුනට මන් නන් ඒකට කියන්නේ ක්රිකට් සුවඳ කියලා. තණකොල , පස්වලට වඩා එතන තිබ්බේ අබිමානය අධිෂ්ඨානය එකමුතුකම වගේ දාහක් හැඟීම්වල සුවඳක්. ඒ සුවඳ හරියටම අඳුරන්නේ මුළු ස්ටේඩියම් එකකම බලාපොරොත්තුව බැට් එකේ තියාගෙන ග්රවුන්ඩ් එකකට ගිහින් තියෙන මනුස්සයෙක්ම විතරයි. අද ස්ටේඩියම් එකත් බිග්මැච් එක නිසාමදෝ අමුතුම විදිහකට පණ ගැහිලා ඇවිත් තිබුණා.. ඔව් ඉතින් එහෙම වෙන්නෙපැයි. මේ ස්ටේඩියම් එකම ඇතුලේ කී දෙනෙක් නම් අද වගේ දවසක දැන් වෙද්දි නොකියම බැරි චරිත වෙලා ඉපදුණාද? රවී රත්නායක, කුමාර් සංගක්කාර, නිලන්ත රත්නායක, නිරෝශන් දික්වැල්ල, මතීශ පතිරණ..තව නම නොකිව්ව කොච්චරක් මේ ග්රවුන්ඩ් එකෙන් බිහිවුණාද? මම උඩ ඉරෙන් සම්පූර්ණෙන්ම වහගෙන තිබ්බ අහස දිහා බලලා ඇස් දෙක තද කරලා වහගත්තෙ තත්පර ගාණකට මම අපේ ඉස්කෝලෙ පරණ මියුසියම් එකට යද්දි...අද මැච් එකෙන් පස්සෙ මමත් ශවිරු අයියාගෙ වයිස් විදිහට එතන රිදී අකුරෙන් ලියවිලා යනවා. ඊටත් වඩා අද අපි මේක දින්නොත්..මම ආයෙම ඇස් දෙක ඇරලා අන්තිම පාරට මුලු ස්ටේඩියම් එක දිහාම බලලා ග්රවුන්ඩ් එකේ ක්රිකට් සුවඳ ඉහළට ඇදලා ගත්තෙ ආපස්සට ඇතුළට යනගමන්..මේක කොහොම හරි අපි දිනන්න ඕනෙ.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...