"කෝ මේ පැත්ත බලන්න..හ්ම්..පිට් නෙහ්?? මගේ කොල්ලගෙ ලස්සන- ඒව් බන් මොකද්ද ඕයි! පොඩ්ඩක් හිනා වෙයන්කො අද කප් එක ගන්න යන්න හදන්නෙ ඔහොමද?!" තනුජ මගේ කොණ්ඩෙ පැත්තට යවලා කෑලි කෑලි මගේ නළලට වැටෙන්න ජෙල් ටිකක් ගාලා හදනකන් මම කරේ වදුරු පැටියා වගේ ඇද උඩ වාඩි වෙලා හිටපු එක.
තාම මම මේ ඉන්නෙ හොස්පිට්ල් එකේ. කොටින්ම කිව්වොත් අද තමයි මාව ඩිස්චාජ් කලෙත්..ඊයේ හවස අපේ හවුස් කැපා අයුක අයියා මට කෝල් කරලා කිව්වා 'The rising house කප් එක ගන්න හවුස් එකෙන් මට යන්න එන්න කියලා. අනික මගේ කකුළත් එහෙම අවුල් නැති නිසා මට පැයක් වගේ එක දිගට හිටගෙන ඉන්නත් පුලුවන්.
"කෝ උබ ඇදගන්නෑ?"
"දැන් යන්නම්."
තනුජ යුනිෆෝර්ම් එකයි ටවල් එකයි අරන් බාත් රූම් එකට යනකන් ඉදලා මම ෆෝන් එක අතට අරන් ඉන්ස්ට පැත්තෙ ගියා...ආහ් ඔය තියෙන්නේ! ස්ටෝරීස් එහෙම පිරෙන්න දාලා කට්ටිය..මම හැම ස්ටෝරි එකක්ම බල බල ගියේ පට්ට ආසාවෙන්. ශික්..මගේ මේ කකුළ යහතින් තිබ්බා නම් මටත් ඉන්න තිබ්බනේ ඊයේ රෑ ඉදන්..මොකද ඉස්කෝල ජීවිතේ ආදරේ හිතනම මතකයන් ටික එකතු වෙන්නෙ මේ වගේ දේවල් වලින්..කවදා හරි අපිට මතකයන් කියලා කියන්න ඉතුරුත් මේවනෙ..අනික තනුජයටත් මන් නිසා වදේ. ඌත් හරි නම් අද උදේ පාන්දර ඉස්කෝලෙ ඉන්න ඕන එකෙක්..මොකද ඊයේ රෑ ඉදන් ඩෙකෝස් වල වැඩ කරලා ඌ එහෙම්මම ඉස්කෝලේ ඉන්නැතුව කෙලින්ම ආවෙ හොස්පිට්ල් එකට..
පොඩි කාලේ ඉදන් අපි දෙන්නා හවුස් එකේ ඩෙකෝස් හදලා ෆේමස් වුණා. ඔය පොපියුලෑරිටි එක නිසයි ඌ ආර්ට් සොසයිටි එකේ ප්‍රසිඩන්ට් වෙද්දි මම වයිස් ප්‍රසිඩන්ට් වුණේ..තනුජයත් මන් වගේම ආර්ට් පොරක්. ඌයි මායි දෙන්නම ස්ටිප්ලින් සටයිල් එකට ඇන්දත් තනුජයා කෙලින්ම ආකිටෙක්චරල් ඩ්‍රෝවින් ස්ටයිල් එකෙන් ඉස්සරහට ගියා..පොඩි කාලෙ ඉදන් තනුජයාගෙ හීනේ..ආන්ටිත් ආකිටෙක්ට් කෙනෙක් නිසා එයාට මේ ස්කිල් එක උපතින්ම ඇවිත් තිබ්බා. කොහොම හරි තනුජයාගෙ අම්මත් පට්ට හොඳයි. ඕනම දේකට පට්ටම සප් එකක් ආන්ටි මූට දෙන්නෙ.
ඒ එක්කම තනුජයා දොරත් ඇරන් එළියට ඇවිත් මට උගේ කියුට් හිනාව දැම්මාම මම ලාවට ඔලුව වනලා හෙමීට ඇදෙන් නැගිට්ටෙ මගේ දකුණු කකුළ නැතුව අනිත් කකුළට සම්පූර්ණෙන් බර දාලා..
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...