අපි කට්ටියම දැන් හිටියේ අර අලපෙති කියයි අල කූරු කියයි අල බෙටි කියයි අන්න ඒ විකුණන තැන..මම හේශිතයගෙ පිටේ එල්ලිලා අර රත්තරන් පාටට දිලිසෙන අලපෙති කූර වටේට ගිහින් තියෙන එක පෙන්නලා ඉල්ලුවාම ඌ මට මෙතනම ඉන්න කියලා ඒක ගන්න ගියේ මාත් වෙන කරන්න දෙයක් නැති නිසා වටපිටාවට හොම්බ දාද්දි.. නිස්සා නම් කලින්ම මොකද්ද මන්දා මඟුලක් බලන්න ඕන කියලා ආපු වෙලේ ඉදන්ම සඳැස් අයියාට වද දුන්න හින්දා සඳැස් අයියා ඌවත් කුදලගෙන ඒක බලන්න එක්ක ගියේ මායි හේශිතයයි තනුජයයි ඉතිරි වෙද්දි..අනිත් පැත්තට අපිව බලාගන්න කියලා සාහිල් අයියයි ශවිරු අයියයි ආර්යන් අයියයි ඉතිරු වුණා..ඔතනින් හරියටම බැලුවොත් ආර්යන් අයියාට තමයි අරුන් දෙන්නවත් බලාගන්න වෙලා තියෙන්නෙ. ඒ තරම් විසයක් ශවිරු අයියටයි සාහිල් අයියටයි තිබ්බෙ. දැනුත් අර තනුජයාට තියෙනවා වගේ තුවක්කුවක් ගන්න ඕනෙ කියලා උන් දෙන්නා ගියා ගියාමයි දැන් විනාඩි පහක ඉදන් මිසින්.
හේශිත් අල පෙති ගේන්න ගිය ෆුඩ් ස්ටෝල් එක දිහා බලාගෙන මායි තනුජයයි හිටියේ හොඳ කයියක. මොකද අපි තුන් දෙනා මෙතනට එද්දි කපල් එකක් හොදට කුඩේකුත් ඉහළගෙන අපිට ලයිව් කටකන වැලක් පෙන්නුවා. මරු සීන් එක කියන්නෙ එවෙලෙ වහින්න තියා පොදයක්වත් ගියේ නෑ..අනික මේ හද්ද කලුවරේ කවුද කියහන්කො කුඩ ඉහළන්නෙ? ඊට වඩා මරු සීන් එක කියන්නෙ අපි උන් කටකනවා දැක්කෙත් කුඩේ හෙවනැල්ලාවෙන්..සියලු වෑයම් අපරාදේ ඉතින්. අනික මේ තනුජයා ඔක්කොටම වඩා හපන්. ඌ ඒක දැක්ක ගමන් 'අඩෝ උබලා කට කන එක කුඩෙන් පේනවා' කියලා මහා සද්දෙන් කියලා දැම්මා. රෙදි ඉල්ලේ නෙ ඉතින්..ඔය සීන් එකට ඊටපස්සෙ වටේ හියපු කට්ටියත් හිනා වෙන්න ගත්තා. පස්සෙ උන් දෙන්නා මුහුද පැත්තට පට්ට වේගෙන් ඇවිදන් ගියා..හැබැයි මට හිතෙන්නෙම ඒ ගියපු විදිහට උන් දෙන්නා රොක් පේපර් සිසර්ස් දාලා මුහුදට පනින්නැති. ඇයි යකෝ ඉතින් අමු නෝනිඩියනෙ.
ඔය අතරේ මන් මගේ ශර්ට් එක බෙල්ලෙ ගෑවෙන නිසා ඒකෙ බොත්තම් ඇරගන්න කියලා හිතන් අත ඉස්සුවේ ඒත් එක්කම මොකක් හරි රතු පාට දෙයක් මගේ ඇස් වලට අහු වෙද්දි.. ආහ්! ආර්යන් අයියා දුන්නු බ්රේස්ලට් එක. ඒක බ්රේස්ලට් එකක් කිව්වට ඝනකම නූලක්. ගාණට මගේ මැණික් කටුව හරියෙන් තද වෙලා ගිහින් තිබ්බ විදිහට ඒක මාරම විදිහට මගේ අතට ගැලපුණා..අනික ඒක රතු පාටත් හන්දා අමුතුම එළියක් මගේ අතට ආවේ..මම ඔය එක්කම ඒ රතු පාට කැටයම් ගියපු නූල දිගේ හෙමින් සැරේ ඇගිල්ලක් යවන ගමන් එකපාරටම මගේ පිටිපස්ස හැරුණේ ආර්යන් අයියාව බලාගන්නවුනු ඕනකමට..ආ අර ඉන්නෙ! එක අතකට පව් කියලත් හිතෙනවා අප්පා. ඇයි ඉතින් ශවිරු අයියලත් නැතුව අතනට වෙලා තනියමනෙ ඉන්නෙ..හැබැයි මොකක් හරි අවුලකින්ද?? තරහා ගිහින් වගේනෙ? මම ඒපාර ඇගිලිතුඩු වලින් ඉස්සිලා ආර්යන් අයියා දිහා ඇස් දෙකත් හීන් කරගෙන බැලුවා.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...