47

9.3K 815 667
                                    

"හරි දැන් මොකද්ද වුනේ කියපන්කො ඔක්කොටම ඉස්සෙල්ලා! ඇයි උබේ ෆෝන් එකයි වොලට් එකයි ආර්යන් අයියා ගාව තියෙන්නෙ?"

නිශල්කයාව ඇදන් එන්න ගත්ත වෙලේ ඉදන් ඌ අහන කිසිම ප්‍රශ්නයකට මන් ඌට උත්තර දෙන්න ගියේ නැත්තෙ මොකද මගේ ඔලුව දැන් විනාඩි ගාණක් තිස්සෙ වැඩ කරන්නෙ එක තැනක නිසයි. ඒ මගේ ෆෝන් එක..

ඕක අදම ආර්යන් අයියාගෙ අතට යන්න ඕන වුණාද?? මන් අහන්නෙ වෙන දවසක- නෑ නෑ දැන් ඒක වෙලා ඉවරයිනේ! දැන් ඉතින් නහයෙන් අඬලා වැඩක් නෑ. කොහොමත් අර ශවිරුවා මගේ ෆෝන් එක අන්ලොක් කරලා දුන්නොත් මිසක්කා ආර්යන් අයියා මගේ පාස්වර්ඩ් එක ඒ දැනගන්න විදිහකුත් නෑ. හැබැයි නොටිෆිකේශන් එකක් ආවොත්?? ශිට් ශිට්! මොන මඟුලක්ද කියහන්කො?! මටමයි වුණොත් හිකෙන්නම වෙන්නෙ! ඇයි ඉතින් කලින් අර ලොකර් රූම් එකෙත් මන් පොරව අවුස්සන්න කියලා හිතලා බට්න්ස් ටිකත් ගලවලා දාලා හෙන කැරි ලයින් එකකුත් දුන්නනෙ. දැන් ඉතින් අරකත් දැක්කොත්- සිරාවටම මට ගහයිද දන්නෑ..

අපරාදෙ රෙද්ද ඉස්කෝලෙ ආවේ! ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන් ඉන්න තිබ්බ එකත් නැති කරගෙන මූව සප්‍රයිස් කරන්න තකහනියක්ම සරම් කෑල්ලකුත් ඇදගෙන මෙහෙට ආවම බලපන් මට ඒකට හම්බෙන තෑග්ග..! දෙයියොන්ටත් ඉදලා ඉදලා ආතල් ගන්න මතක් වෙන්නෙ මගෙන්ම තමයි. මන් ඔය අස්සෙ මගේ කන ගාවා ඉදන් බෙරිහන් දෙන නිශල්කයාගෙ අත තවත් තද කරලා අල්ලගත්තෙ බැරි වෙලාවත් මට මූව අතෑරුණොත් ආර්යන් අයියාගෙන් කෙසේ වෙතත් මට මුගෙන් කන්න වෙන නිසා.

"ඒ සිරාවටම මොකද්ද වුණේ කියලා කියපන්කො බන්?"

"ච්හ්! කට වහන් වරෙන්කො බන්. මට පොඩි වැඩකට ෆෝන් එක ඕන." මන් හේශිතයාට බැන්නා. ඇයි යකෝ හදිස්සියේ ඉන්න වෙලාවක ඔහොමත් ප්‍රශ්න අහනවද??

"ඉතින් යකෝ ඇත්තනෙ! දැන් උඹ ඔය යන්නෙ ආර්යන් අයියාගෙ බෙල්ල මිරිකන්නද නැත්තන් බෙල්ලෙන් අල්ලා කට කන්නද කියලා අපි දන්නෙ කොහොමද?! තෝ එහෙම එකානෙ! හැබැයි මේ බන්..." ඒපාර ඉස්සරහින් පේන ඕල්ඩ් හෝල් එක දිහා බලලා මම උරහිසින් බැලුවේ රදිල්කයා දිහා..ඔය යන්නෙ අම්බානෙක ගොන් කතාවක් කියන්න හරි 'අනේ හලෝ' කියලා නහයෙන් අඬන්න තමා. කවුරුත් නොකිව්වාට මට නම් මූව තනුජයාගෙ කපාපු පලුවවක්ම තමා.. අනික මේකාත් තනුජයා වගේම ආර්යන් අයියාට බුදු බයයි.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now