17

4.1K 458 120
                                    

"ලංකාවෙ නම ගිය ශ්‍රේෂ්ඨ පාසලක් හැටියට තමුන් වහන්සේලා මේ භූමිය තුළත් ඉන් පිටටත් අඩිය තබන සෑම මොහොතකදීම තම පාසලේ අභිමානය රැකෙන පරිදි කටයුතු කරන්න වග බලාගත යුතුයි..." අපි දැන් මේ හිටියෙ මේන් හෝල් එකේ වාඩි වෙලා. ප්‍රින්සිපල් සර් ග්‍රේඩ් නයින් ඉදන් කට්ටයව දම්මලා කතාවක් කරනවා. ළමයි එච්චරක් වුනාට ප්‍රයිමරියෙ ඉදන් හැම සර්ලා මිස් කෙනෙක්මත් හාමුදුරුවොන්වයි ෆාදර්වයිත් එක්ක මේ මීටින් එක කරන්නෙ අර දේශාන් සම්බන්ධෙන් කියලා ඒ ගැන දන්න හැම එකෙක්ටම තේරෙණවා. අනික දේශාන් කියන්නෙ රග්බි ටීම් එකේ හිටපු කෙනෙක් නිසා හෙට දවස වගේ වෙද්දි මුළු ඉස්කෝලෙම මෙ ගැන දැන ගනීවි..අනික දැනටමත් පිනා ගහපු හිනිට්ස් තොගේ නිසා දැනටම හෝල් එකේ බාගෙට බාගයක් මේ ගැන දන්නවත් ඇති..කොහොම හරි පැය එකහමාරක් විතර මීටින් එක අරන් සර් අනිත් හැම ළමයෙක්ම ක්ලාස් එකට යවලා ග්‍රේඩ් ට්වෙල්ව්..ඒ කියන්නෙ අපේ සෙක්ශන් එක තියාගත්තෙ මේන් හෝල් එකේ අපියි ප්‍රිෆෙක්ට්ස්ලයි ඉතිරි වෙද්දි.

"මන් කලිනුත් කිව්වා වගේ..මේ ඉස්කෝලේ ඉන්නෙ ඉහළ තාන්න මාන්න අරන් නම ගිය දෙමාපියන්ගෙ පුත්තු..ඉතින් මොකක් හරි වුණාම ටක් ගාලා ඒ ගැන ඒ අදාළව පාර්ශව වලට තොරතඅරු යන්න ගන්නෙ පොඩි වෙලාවයි! ඉතින් මොකක් හරි වුණාම ඒ ගැන කටයුතු කරන්න පුලුවන් පිරිසක් මේ පාසල් භූමියේම ඉන්න වග තමුන් වහන්සේලා දන්නවා! එහෙම නේද??" අපි හැමෝම ඔලුව වැනුවා. ප්‍රින්සිපල් මීටින්ස් ගත්තම කතා කරන්නෙ මේ විදිහට වුනත් ඔය තනියෙන් ක්ලාසස් බලන්න එන වෙලාවට හොඳ කුණුහර්ප පලන්නෙ. අපි ඉතින් දැන් බලු කුක්කො ටික වගේ ඔලු වනන්නෙ ලෝකෙ තියෙන හැම කුපාඩි වැඩක්ම කරලා.

"ඇරත් කාට හරි මොනා හරි වුනාම ඒ ගැන කාටවත් නොකියා ඉන්න එපා..! තමුන්ලා ළමයි. වැඩිහිටියෝ නෙවෙයිනෙ!? එහෙම නේද? නැත්තන් වැඩිහිටියෝ කියන පිරිසක් ඉන්න ඕන නෑ නෙ? සමාජෙ එහෙම ඕනෙ නැති තැනුත් නැතුවාම නෙවෙයි..ඒත් මේ ඉස්කෝලයක්නෙ! ඉස්කෝලෙකත් මෙහෙම නැත්තන් ඉතින් මොකටද! කාට හරි ඉස්කෝලෙක අසාධාරණයක් වුනොත් ඒ ගැන කට වහන් ඉන්න එපා. තමුන්ලා පිරිමි! කවදා හරි තමන්ගෙ පවුල වෙන කෙනාට හෙවනැල්ලක් රැකවරණයක් දෙන්න ඉන්න මිනිස්සු තමුන් වහන්සේලා! මේ කාලෙ ඉදන්ම මේ දේවල් වලට නැගිටලා හඬක් නගන්නට තමුන් වහන්සේලාට පුලුවන් වෙන්නෝන!" ඔය අතරෙ මගේ ඇස් ගියේ ස්ටේජ් එකේ පහළ පඩිපෙල ගාව අත් දෙක පිටිපස්සට බැදන් හිටපු එකා ගාවට. හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එකත් ගහගෙන ප්‍රින්සිපල් දිහා හෙලවෙන්නෙ නැතුව ඇතෙක් වගේ බලන් ඉන්න හැටි. දෙන්න හිතයි කොන්ද කැඩිලා යන්න. මගේ මුළු මූණම අනවශ්‍ය විදිහට බර වෙන්න ගත්ත නිසා මම ටක් ගාලා මගේ නළල සැහැල්ලු කරගත්තා.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now