විනාඩි ගාණක් තිස්සෙ මම විලා එක වටේට දිව්වා..නිකන් නෙමෙයි අහු වෙන එකෙන් තනුජයාටත් දීලා අරින ගමන්. මොකද කලින් තිබ්බ කුශන් එක නම් කමක් නෑ ඒත් මේ පගයා උගේ අර වතුර විදින තුවක්කුවත් උස්සන් ඇවිත් මට යන යන පැත්තට වතුර විදිනවා..අනේ අම්මාපා මට ඕක අහු වුනෝතින් නම් දෙකටම කඩලා දානවා! මන් ටක්ගාලා විලා එකේ තිබ්බ කාමරයක් ඇතුළට රින්ගලා ඇතුළෙන් දොර වහගත්තේ එතනම හති අරින ගමන් ඉදගනිද්දි..යකෝ මේ දිව්ව පොඩ්ඩට මෙච්චර හති.
"ශාක්‍ය ඇරපන් දොර!"
"බෑ පුලුවන් දෙයක් කරපන්!"
"ආ ඒ කියන්නෙ දැන් තෝ දොර අරින්නෙනෑනෙ?"
"නෑ තමයි ඇයි තොගේ කන පොට්ටද?"
මම දොරට පිට තියලා කට තද කරන් හිනා වෙවී තනුජයා දොර ගාවින් යනවා කන් දීලා අහගෙන..පොරට තරා ගිහින් ඉන්න වෙලාවක ඔය වගේ ගොන් කතාවක් කිව්වම තවත් තරහා යනවා..දැන් ඇති තක්කාලි ගෙඩියක් වගේ මූණත් රතු කරගෙන.මූ නම් සිරාවටම මහා කියුට් හාදයෙක්. කොච්චර තරහා ගිය වෙලාවකටත් මුගේ මූණ දැක්කම ඇති අපිට අපේ තරහා තත්පරෙන් නැති වෙලා යනවා..එච්චරට තනුජයා කියුට්. මොකද ඌට තිබ්බෙ හීනි ඇස්. ඉතින් තරහා ගියාමයි හිනා යද්දියි පොරගෙ ඇස් හරියට ඉරි දෙකක් වගේ නොපෙනී යන්නම හීන් වෙනවා. ඇරත් පොරට තිබ්බෙ අමුතුම හමක්..තනිකර කිරි කෝපි පාටයි. ඉතින් තද වුණාම පොර කරන්නෙ අතින් නහය දමාගෙන උලන එක..ඊටපස්සෙ නහය වටේටමයි කම්මුල් දෙක දෙපැත්තෙයි නිකන් අර නන්ගි ගාන බ්ලශ් එක වගේ රතු වෙනවා. ඕවා නිසා තමා මූට හුරතලා කියන්නෙ. පට්ට සිරියාවන්ත කොල්ලෙක්..ඔය ඉදලා හිටලා වුකන වැඩ කරාට පොර හොඳ එකා.
"කමක්නෑ තොට එළියට එන්නම වෙනවනෙ..එතකොට බලාගමු."
"මොනාද දැන් තමුසෙට මගේ බලාගන්න තියෙන්නෙ? වරෙන් ඇතුළට පෙන්නන්න..උබත් ආසයිනෙ ඉතින්."
මම තොල හපාගෙන හිනා වෙන්න ගත්තෙ පොරගෙන් හ්ම් සද්දයක් නැති නිසා..දැන් ඉතින් පුපත් එකකම රතු වෙලා ඇත්තෙ තරහට- මම ඒ එක්කම දොර පැතත්ට හැරිලා දොරට කන තිබ්බෙ ඌ තවම මෙතනද කියලා බලන්න..ඒ එක්කම මට මොකක් හරි සද්දයක් ඇහුන නිසා මන් කරේ මගේ පිටිපස්ස බලපු එක- මළ මඟුලයි! මම පිටිපස්ස හැරුණාම දැක්කෙ තනුජයා කාමරේ තිබ්බ ජනේලෙන් ඇතුලට එන්න දගලනවා.ඒ එක්කම මන් ටක්ගාලා දොරේ යතුර අල්ලලා දකුණු පැත්තට කරකවලා හැඩ්ල් එක පහතට කරා..මොන රෙද්දක්ද! ඇයි මේ මඟුල ඇරෙන්නැත්තෙ?? මම ආයෙම හැඩ්ල් එක පහතට දාලා දොරට උරහිස තියලා තද කරා..
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...