25

10.6K 864 363
                                    

එක හමාර බෙල් එක ගහපු නිසා අපි හැමෝම ඉන්න තැන් වලින් නැගිටලා සීරුවට හිටියෙ උපහාර ගීය ඉවර වෙනකන්..අද දොළහ දහතුන හැමෝටම යුනිට් එක්සෑම් පටන් ගත්තා. මුළින්ම අපිට පටන් ගත්තෙ කෙම් වලින්..කියන්න සතුටුයි මන් පේපර් එකේ බාගයක්ම කලේ සර්ට හැම ප්‍රශ්නයක් ලගම බිංදුවයි කියලා ලොකුවට ලියන්න හොඳ හිස්තැන් ගොඩක් තියපු එක.. හැබැයි මරු ආතල් එක කියන්නෙ අපේ හේශිතයත් ජීවිතේ පළවෙනි පාරටද කොහෙද පෑනත් බදාගෙන නිදා ගත්ත එක.. අනුරාධිකා මැඩම් පවා හිතලා තියෙන්නෙ පොරට සනීප නෑ කියලා.. මැඩම් විනාඩි පහළොවෙන් පහළොවට ඇවිත් හේශිතයව ඇහැරවද්දි තමයි අපිට හිනා ගියේ..බැරිම තැන හේශිතයට මළ පැනලද කොහෙද මිස්ට කිව්වා ඔලුව රිදෙන නිසා එයාට ටිකක් නිදා ගන්න පුලුවන්ද කියලා.

ක්ලාස් එකේ හැම ඩෙස්ක් එකක්ම කොරිඩෝ එක පැත්තට හරවලා තිබ්බ නිසා උපහාර ගීය යන මැද්දෙ අපි දැක්කා ප්‍රිෆෙක්ට්ස්ලත් කඩාගෙන බිඳගෙන උන් ඩියුටි කරන ක්ලාස් රූම් වලට දුවගෙන යනවා..පේපර් එක ගන්නැත්තෙ දැන් ටිකකට කලින් වෙන්නැති..ඒ එක්කම මගේ ඩෙස්ක් එක උඩ කවුරු හරි මොකක්ද මන්දා තියපු නිසා මන් ඒ දිහා බලලා මගේ ඩෙස්ක් එක උඩ තිබ්බ චිට් අතට ගත්තා.

'සෙනසුරාදා මියුසිකල් එකට එනවා නම් පඩයක් ඇරලා තමන්ගේ පැමිණීම තහවුරු කරන්න.' මන් මගේ එහා පැත්තෙ හිටපු තනුජයා දිහා උඩ ඉදන් පහළට බැලුවෙ ඒ ගමන්ම ක්ලාස් එකෙන් බාගයක්ම එවුන් හිනා වෙද්දි..

ශුවර් එකටම මේ තනුජයා ලියපු එකක් තමයි.. ඒ එක්කම මම අතේ තිබ්බ චිට් එක පොඩි වෙන්නම ගුළි කරලා මගේ ඉස්සරහ හිටපු නිශල්කයගෙ ඩෙස්ක් එකට දැම්මත් එක්කම ඌ පිටිපස්ස හැරිලා මට ලුක් එකක් දෙන පරක්කුවට ටක්ගාලා මම උරහිස් දෙක ඉස්සුවා.

නිශල්කයා ඒක දිගෑරලා කියෙව්වා විතරයි ඇස් දෙකත් ලොකු කරගෙන අපි දිහා ඇගෙන් බාගයක්ම හරවලා අපේ පැත්තට හැරුණම මෙච්චර වෙලා හිනාව තද කරන් ඉදලද කොහෙද මගේ පිටිපස්සෙ හිටපු හැමෝම වගේ බක බක ගාලා අර උන්ගෙ ඌරු හිනාව දැම්මෙ මෙච්චර වෙලා කොරිඩෝ එකේ හිටපු අපේ ක්ලාස් මැඩමුත් පංතියට දුවන් එද්දි.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now