46

10.4K 813 592
                                    

"රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි"

නිශල්කයා දාලා තිබ්බ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ටෝරි එකට මන් ලයික් කරා. අද කොහොමත් කට්ටියගෙම ස්ටෝරීස් මේවාගෙන් පිරිලා තියෙයි. දැනටමත් බාගෙට බාගයක් කට්ටිය ඉන්ස්ටර්ග්‍රෑම් එකේ හෝ ගාලා ඇක්ටිව්.

අද ඉස්කෝලේ අවුරුදු උත්සවේ..අවුරුද්දට නිවාඩු දෙන්න දවසක් තියලා මේක දැම්මාම මන් හිතුවේ කට්ටිය වැඩිය එනේකක් නෑ කියලා. ඒත් ටර්ම් ටෙස්ට් ඉවර වෙච්ච සතුට නිසාද කොහෙදෝ හැමෝම වගේ ඇවිත් ඉන්නවා කියලා තනුජයා දාලා තිබ්බ ස්ටෝරි වලින් මන් දැක්කා. ඒ තරම් සෙනඟක් අවුරුදු උත්සවේ පටන් ගන්න වෙලේ තනුජයා සෙක්ශන් එකේ බැල්කනි එක ගාවා ඉදන් අරන් තිබ්බ වීඩියෝ එකෙන් මන් දැක්කා. පංති එහෙම පිරිලා තිබ්බෙ. හැබැයි දැන්නම් මට මූව ඉන්සර්ග්‍රෑම් එකෙනුත් මියුට් කරන්න හිතෙනවා. ඇයි යකෝ මේ ටිකට කීයක්නම් දාලාද?

"ලොකූ වෙලාව කීයද?"

"අටයි කාලයි" මම ෆොන් එකෙන් වෙලාව බලලා මගේ එහා පැත්තෙ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න තාත්තා දිහා බලලා උඩ ඉදන් යටට බැලුවා.

"හරි හරි බන් ඉතින් චුට්ටක් පරක්කු වුණා තමයි. ඔහොම ඉදහන් මන් ඉස්සරහා කඩේකින් කෑම එකක් අරන් උබව ටක්ගාලා ඉස්කෝලෙට දාන්නම්." මම ඇස් දෙක රෝල් කරලා ආයෙම ඉස්සරහා බලා ගත්තා.

"මට නම් එපා. ඔයාම කන්න."

"මන් ඔප්ශන් එකක් දුන්නෙ නෑ ලොකු පුතා හරිද? තමුන් බ්‍රෙක්ෆස්ට් අරන් මිසක් අඩියක් තියන්නෑ ඉස්කෝලේ."

"ඉතින් ඒක තමයි මන් වෙලාසනින් තාත්තාව ඇහැරෙව්වෙ. ඒත් තාත්තා මොකද කිව්වෙ? 'හරි හරි බන් තව ටිකයි.' සීරියස්ලි තාත්තා ඔයා මීටින්ස් තියෙන දවස්වලට උදේ පාන්දර නැගිටින්නෙත් ඔහොමද?"

"ඇයි මගේ දුව ඉන්නෙ...ඒ කෙල්ල නැගිට්ට ගමන් මට කෝපි එකකුත් හදලා දීලා මීටින් එකට යන්න මට ඇඳුම් ටිකත් ලෑස්ති කරලා දීලා තියලා තමයි ඉස්කෝලෙ යන්නෙ. තමුසෙ මොකද්ද කරන්නෙ? කකා බිබී රවුම් දානවා. පාටීස් වලට යනවා. ඊටපස්සෙ සල්ලි නෑ කියලා මට 'සල්ලි' කියලා මැසේජ් එකක් එවනවා. ඔහොම ඉදපන්කො මන් ගෙදර එනකන් තමුසෙගෙ කෙරුවාව බලාගන්න." මම ෆෝන් එක ඔඩොක්කුවට අතෑරලා කන් දෙක වහගත්තා.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now