"දැන් කාලාද ඔය ඉන්නෙ?""හ්ම්..මම රෑ වෙනකන් ඉන්නෙ නෑ කොහොමත්..බැරිවෙලාවත් පරක්කු වුනොත් මන් එනකන් බල බල ඉන්න එපා හරිද.. ම්ම්?
නන්ගිට මම කෝල් එකක් අරන් විනාඩියක් විතර යන්නැති උපරිම..අපි වාඩි වෙලා හිටපු ටේබල් එකෙන් ඇවිත් නිශල්ක වාඩි වෙච්ච හැටි මම දැක්කෙ නෑ වගේ හිටියෙ ඕන කමින්. තනුජයා නම් පොඩ්ඩක් විතර වැදිලා හිටියත් හේශිත් නම් දැනෙන නොදැනෙන ගාණට වේගෙන් නිශල්කගෙ උඩ ඉදන් පහළට බලනවා මම දැක්කා. අඩුම ඒක නිශල්කයටවත් නෝට් වුණේ නෑ. මොකද නිශල්ක එවෙලෙ බලන් හිටියෙ මන් දිහා.
"මන් හෙට ඔයාව එක්ක යන්නම් හරිද?" නිශල්ක මන් දිහා බලන් ඉන්නවා දැනුන නිසා මම ඉන්නෙ වෙන අවදානෙකින් කියලා පෙන්නන්න මම වටපිට බැලුවත් එක්කම එහා පැත්තෙ ටේබල් එකේ බියර් ග්ලාස් එකක් අතේ තියන් ශවිරු අයියලා එක්ක කියවන කෙනාට මගේ අවදානෙ නෙහිතපු විදිහට ගියා. හරියට කිව්වොත් දැන් තමයි මට ආර්යන් අයියා ඇදන් හිටපු එක නෝට් වුණේ..සුදු පාට අත් කොට ටී ශර්ට් එකකට කලු පාට ජීන්ස්. වෙනදා අදින විදිහමයි. චාම් ඇන්ඩ් සිම්පල්. කොහොමත් ඌට සුදු ගැලපෙනවා. මම මගේ ඇස් එයාගෙන් අයින් කරන් මුලු ඒරියා එක වටේටම ඇස් ගෙනිච්චා.
"හ්ම්..අමාරු ගණන් ටික හදලා තියන්න. මම ආවම කියලා දෙන්නම්."
"හරි. ගෝඩ් බ්ලෙස් යූ චූටි." මම කෝල් එක එන්ඩ් කරන ගමන් නිශල්ක දිහා බැලුවා.
"කොහෙද හිටියෙ?"
"අර හරියෙ..අයියලා එක්ක-" මට ඇගිල්ලෙන් පෙන්නලා හිටපු තැන පෙන්නද්දි මම ඔලුව වනලා වොච් එකෙන් වෙලාව බැලුවා.
"බෙහෙත් බොන්න වෙලාව හරි නේද?" මම හිතලම කතාව මාරු කරා.
"ආ ඔව්- ඕ ශිට් බෙහෙත් ටික කාර් එකෙ." නිශල්ක ඌ ඇදන් හිටපු කාරගෝ පෑන්ට් එකේ සාක්කු අස්සට අත් දදා හොයද්දි මම පුටුවෙන් නැගිට්ටෙ තනුජත් අත උස්සද්දි.
"මම එන්නම්-"
"නෑ මම ගිහින් ටක් ගාලා අරන් එන්නම්."
"ශුවර්ද?" හේශිත් දිහා බලලා මම ලාවට ඔලුව වැනුවෙ එතනින් යන ගමන්.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...