"බැහැලා මන් එනකන් ඉදපන්." ශවිරු අයියා ඕබී එකෙන් දුන්න අලුත් බ්ලේසර් එකත් දාගෙන බස් එකෙන් බැස්සම මම කෝච්ගෙ පිටිපස්සෙන් හිටගත්තෙ අනිත් අයත් ඒ එක්කම මගේ පිටිපස්සෙන් ලයින්අප් වෙද්දි..
"හරි කට්ටිය බ්ලේසර්ස් ටික ඇදගත්තද- තමුසෙලා ඔය අහගෙනද අයිසේ ඉන්නෙ??" මම පිටිපස්ස හැරිලා ටීම් එක දිහා බැලුවම කට්ටියම සීරියස් පිට ලයිනඅප් වුණේ ආයෙමත් මන් කෝච් දිහා බලද්දි..බොරු කියන්න ඕන නෑ මන් හේමලයාගෙ ඇස් දිළිසෙනවා දැක්කා- දැන් කොහොමත් ලඟකදි ඉදන් මට ඔලුව වටෙත් තරු කැරකෙන්න පටන් අරන් තිබ්බ නිසා මන් ආයෙම පිටට යන හිත ගස්සලා දාලා කෝච් කියන්න හදන දේට කන් දුන්නා.. සිහියෙන් ඉදපන් තිශාක්‍ය..සිහියෙන්! මට මේ මැච් එක දිනන්න ඕනෙ. කාටත් වඩා මට!
"මට ආයෙ ආයෙ බණ කියන්න තියන්න එපා හරිය?? මෙතනින් බැස්සා..සෙරමොනි එකට හිටියා- ආ! එතනට ගිහින් මේ තමුසෙලාගෙ ඔය රැස් පෙන්නන්න තියා ගන්නත් එපා..මේක උබලාගෙ දවස බව ඇත්ත ඒත් සිහියෙන් ඉදපන් පුතාලා! අනික ගිය පාර කප් එක ගත්තා තමයි ඒත් මේපාරත් ඒක එහෙම වෙයි කියන්න අපිට බෑනෙ- සෙරමොනි එක ඉවර වුණු ගමන් තමුන්ලා බඩුත් අරන් හොස්ටල් එකට යන්න.. එකෙක් හරි පිස්සු කෙළලා අහු වුණොත්නෙ..කන පැලෙන්න දෙන්නෙ! හරි දැන් යනවලා.." කෝච් මගේ උරහිසට පොඩි තට්ටුවක් දාලා එයාගෙ කැප් එකත් දාගෙන බස් එකේ දොර ඇරගෙන එළියට ගියේ ඒ එක්කම අපිට එළියෙ හිටපු කොල්ලෙන්ගෙ චියර් එකත් ඇහෙද්දි..
දැන් මේ කට්ටියම ස්කූල් යුනිෆෝර්ම් එකට උඩින් බ්ලේසර්ස් ඇදගෙන ඉස්කෝලේ හොඳම ඒසී බස් එකෙන් එළියට බහින්න බලන් ඉන්නෙ සෙරමොනි එකට යන්න බලාගෙන..අපි මේ ඇවිත් ඉන්නෙ උදේ පාන්දර තුනේ ඉදන් අස්ගිරිය ක්‍රිකට් ස්ටේඩියම් එකේ පොඩි ප්රැක්ටිස් පාරක් දාලා ග්රවුන්ඩ් එකේ කන්ඩිශන් එකත් ඒගමන්ම බලලා හෙන මහන්සි පිට..ඒත් එහෙමයි කියලා අපිට ඉස්කෝලේ ට්‍රැඩිශන්ස් වෙනස් කරන්න බෑනෙ. මෙතනට තමයි කොහොමත් අපේ දාඩිය ලේ බිංදු කදුළු අයිති වෙන්නෙ. ඉතින් එහෙම එකේ ඔය පැයක් දෙකක් හිටන් ඉන්න එක අපිට නතින්..අනික හෙට තමයි අපේ බිග් මැච් එක..හරියට කිව්වොත් මගෙයි නිස්සාගෙයි තනුජයාගෙයි දෙවැනි බිග්මැච් එක. ශවිරු අයියා ගත්තොත් මේක උගේ අත්නිම එක..ඒක මතක් වෙච්ච ගමන් මම වෙන කරගන්න දෙයක් නැතුව මගේ දැනටමත් හොඳ පිළිවෙළට තිබ්බ බ්ලේසර් එක හදන්න ගත්තෙ ඇගේ දැන් තියෙන්න ඕන දාඩිය වෙනුවට කොන්ද දිගේ යන්න ගත්ත සීතල හිරියට ලාවට වෙව්ලන ගමන්..මේ මැච් එක මට කොච්චර විශේෂද කියන්න දන්නෙ මන් විතරයි.. මට මේක කොහොම හරි දිනන්න ඕනෙ.
YOU ARE READING
රදළ | The Kandyan Aristocrats
Romance"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියා...